(මනෝ ප්‍රිය ගුණසේකර)
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරු වරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.
කොටි සාමාජිකයකු බව පවසන සිවලිංගම් ආරූරන් නැමැති මෙම ඉංජිනේරුවරයා සහකාර පොලිස් අධිකාරි සිසිල් ද සිල්වා මහතා හමුවේ කළ ප්‍රකාශය හැරෙන්න වෙනත් කිසිදු සාක්කියක් ඔහුට එරෙහිව නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
ගමන් ගත් මෝටර් රථයට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි සිවලිංගම් ආරූරන් නමැති විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ ජීවිතයට කල විනාශය?.ගෝඨා කවුද කියල දැන් රටම දන්නව නේද?
මේව පොලොව නුහුලන අපරාධ , ඔය බොම්බ සිද්දිය මුල ඉදලම ෆොන්සේක මහත්තය සැක කලා . අවුරුදු 14 හිරේ කිසිම චෝදනාවක් නෑ. මේ තමයි අපේ පොලිසිවල දස්කම් , අවුරුදු 29 හිරේ ගිය මිනිහ එලියට එන්නෙ 43 දි, ඉංජිනේරුවෙක් රටට වැඩක් කරන්න තිබුන මිනිහෙක් , මේ හිරේ ගෙවුනු මිනිහගෙ තරුන කාලයට කවුද වග කියන්නෙ , මොහු නිදොස් කොට නිදහස් කල ගරු විනිශ්චකාර තුමාට ජාතියේ ප්‍රනාමය. මේතමයි මේ දුෂිත දේශපාලනයෙ අතුරු පල. මුන් මේව තියාගෙන තව ත්‍රස්ත පනතක් ගෙනල්ල , මුන්ගෙ චෞර පාලනය ස්තාපිත කරන්න හදන්නෙ. මුලු රටම මෙයට විරුද්ද විය යුතුයි.හිරේ අසාධාරන විදියට අවුරුදු 14 ක් තැබු ඉංජිනේරුවාට විශාල වන්දියක් ගෙවුවත් ඒ කල පව සමාකරගන්න අමාරුයි.
රනිල් ඩයස්පෝරාවට වැඩේ කරලා දෙනවා වගේ...
සිරාවටම බොම්බයක් ගැහුව නම් උඹ අද ජතික වීරයෙක් බන්. ඔය කට්ට කන්න වෙන්නෙ නැහැ