IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨාට බෝම්බ ගැසුවැයි කී ඉංජිනේරුවා නිදහස්

(මනෝ ප්‍රිය ගුණසේකර)

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරු වරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.

කොටි සාමාජිකයකු බව පවසන සිවලිංගම් ආරූරන් නැමැති මෙම ඉංජිනේරුවරයා සහකාර පොලිස් අධිකාරි සිසිල් ද සිල්වා මහතා  හමුවේ කළ ප්‍රකාශය හැරෙන්න වෙනත් කිසිදු සාක්කියක් ඔහුට එරෙහිව නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා සියලු චෝදනාවලින් ඔහු  නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

ගමන් ගත් මෝටර් රථයට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි සිවලිංගම් ආරූරන් නමැති  විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.



අදහස් (4)

ගෝඨාට බෝම්බ ගැසුවැයි කී ඉංජිනේරුවා නිදහස්

Lalla Wednesday, 17 May 2023 06:45 AM

ඔහුගේ ජීවිතයට කල විනාශය?.ගෝඨා කවුද කියල දැන් රටම දන්නව නේද?

:       4       7

දාස Wednesday, 17 May 2023 10:40 AM

මේව පොලොව නුහුලන අපරාධ , ඔය බොම්බ සිද්දිය මුල ඉදලම ෆොන්සේක මහත්තය සැක කලා . අවුරුදු 14 හිරේ කිසිම චෝදනාවක් නෑ. මේ තමයි අපේ පොලිසිවල දස්කම් , අවුරුදු 29 හිරේ ගිය මිනිහ එලියට එන්නෙ 43 දි, ඉංජිනේරුවෙක් රටට වැඩක් කරන්න තිබුන මිනිහෙක් , මේ හිරේ ගෙවුනු මිනිහගෙ තරුන කාලයට කවුද වග කියන්නෙ , මොහු නිදොස් කොට නිදහස් කල ගරු විනිශ්චකාර තුමාට ජාතියේ ප්‍රනාමය. මේතමයි මේ දුෂිත දේශපාලනයෙ අතුරු පල. මුන් මේව තියාගෙන තව ත්‍රස්ත පනතක් ගෙනල්ල , මුන්ගෙ චෞර පාලනය ස්තාපිත කරන්න හදන්නෙ. මුලු රටම මෙයට විරුද්ද විය යුතුයි.හිරේ අසාධාරන විදියට අවුරුදු 14 ක් තැබු ඉංජිනේරුවාට විශාල වන්දියක් ගෙවුවත් ඒ කල පව සමාකරගන්න අමාරුයි.

:       4       12

fairoos Wednesday, 17 May 2023 01:58 PM

රනිල් ඩයස්පෝරාවට වැඩේ කරලා දෙනවා වගේ...

:       2       3

නාමල් Thursday, 18 May 2023 09:20 AM

සිරාවටම බොම්බයක් ගැහුව නම් උඹ අද ජතික වීරයෙක් බන්. ඔය කට්ට කන්න වෙන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site