(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාට ඕනෑ විදිහටද රටේ වැඩ වෙන්න ඕනෑ..? කොහොමත් හොරුන්ගෙන් හැදුණු ආණ්ඩුවක් හොරුන්ව රකින්න බැඳිලා ඉන්නවා ඇති.. හැබැයි රටේ මහජනතාව බැඳිලා නැහැ බදු ගෙවලා හොරුන්ට සැපසම්පත් දෙන්න. මෙයා පිම්බෙනවා. ටිකක් වැඩියි දැන්... කොයි වෙලාවේ හරි පුපුරයි.
දැන් ඔය ආරක්ෂාව දීලා තියෙන කට්ටිය බැලුවාම මේක සුළු දෙයක්...
ඔයාගේ ආරක්ෂාව බලාගන්න...
ඔව් ආරක්ෂාව දිය යුතුයි. කල් යනකොට එලියට ඒවි කාවද රටෙන් පන්නන්න ඕනේ කියලා.
අර ජනාධිපති මුක්තිය නිසා අතහැරුණු නඩුවල තීන්දු ගන්න හැකියාවක් ලැබුණොත්, හොඳින්ම ආරක්ෂාව තියෙන තැනක් හොයාගන්න පුළුවන් වෙයි...!
කාලෙකට පස්සෙ හරි, එහෙම නැත්නම් මෙයා මේ ඇත්ත සහ පිළිගතයුතු කතාවක් කිව්වමද කොහේද?
කිසිම පුද්ගලයෙකුට පුද්ගලයෙක් ආරක්ෂා කරන්න බැහැ... උදාහරණයකට කිව්වොත් ජුලියස් සීසර්, ජෝර්ජ් කෙනඩි... දහසක් ආරක්ෂකයින් මැද්දේ ජීවිතක්ෂයට පත්වුණු බව අපි ඉතිහාසයෙන් දැනගත්තෙමු...!
ඔව් ඉතින් තාමත් අපේ රටේ බත් කන හරක් ඉන්නවනේ .
ගෝඨාට ආරක්ෂාව දීම රජයේ වගකීමක් නේන්නම්.එහෙම නම් හොදම ආරක්ෂාව තියෙන්නේ බන්කරයක් ඇතුලේ, නැත්නම් හිරගෙදර. රටටම පෙන්වපු සෞභාග්‍යයේ දැක්මම මදෑ?
ගෝඨා ලංකාවට ආවොත් ජීවිතේ අවසන් කාලය තුළ ‘බංකරයෙන් සිරගෙදරට කියලා‘ පොතක් ලියන්න පුළුවන්