IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෝඨාගේ වරප්‍රසාද ගැන මුජිබර් විමසයි

 

(අංජුල මහික වීරරත්න)

හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජන විරෝධය හමුවේ තනතුර හැර ගිය පුද්ගලයකු හෙයින් ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද ලබා දී තිබේ දැයි විමසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමුකර තිබේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 3(1) වගන්තිය යටතේ මුජුබුර් රහුමාන් මහතා මේ තොරතුරු ඉල්ලා සිටී.

ජනාධිපති තනතුර හැර යාමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාට රජය මගින් නිල නිවසක් ලබා දී තිබේද?එම නිල නිවස නඩත්තුව සඳහා මසකට රජය කොපමණ මුදලක් වැය කරනවා ද?නිල නිවස ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහා වෙන් කිරීමෙන් පසු මේ දක්වා රජය මගින් වැය කර ඇති මුදල කොපමණද?ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට ලබාදී ඇති වාහන සංඛ්‍යාව කොපමණද? ආදී ප්‍රශ්න වලට පිළිතුරු මුජුබර් රහුමාන් මහතා ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

 



අදහස් (2)

ගෝඨාගේ වරප්‍රසාද ගැන මුජිබර් විමසයි

මංගල Thursday, 15 June 2023 07:17 PM

ගිය උඩක්...

:       0       0

Bamunuarachchi Friday, 16 June 2023 10:09 PM

අම්මට සිරි... දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු... හලෝ ඔහෙලාගේ මස්කඩ කාරයින් තුන්කාල රාත්තලට මැනලා දෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site