IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගෝඨාගේ මිරිහාන නිවෙසට විශේෂ ආරක්ෂාවක්

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ  පොලිස්  සහ  බුද්ධි අංශ නිලධාරීන්ට අද (19) උපදෙස්දී ඇත.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙසද  වැඩිදුරටත් දැනුම්දී ඇත.

එම ප්‍රදේශයේ අද (19) පැවැති පොලිස් නිලධාරීන්ගේ  සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව  පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම  සම්බන්ධයෙන්  ඒ මහතාගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගෙන් අද අප කළ විමසුමකදී ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා දින කිහිපයකින්  මෙරටට පැමිණෙන බවයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව දැනුම්දී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද තහවුරු කළේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ තහවුරු කළේ  සීඑන්එන් ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සම්බන්ධයෙන් වත්මන් රජයට නිල වශයෙන් කිසිදු කාර්යභාරයක් නොමැති බවත් ගෝඨාභය  මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු බැවින් ඔහුට කැමැති ආකාරයට  මෙරටට පැමිණීමට සහ පිටවීමට හැකියාව ඇති බවත් අලි සබ්‍රි මහතා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ  ඒ මහතාගේ බිරිඳ  තායිලන්තය රජයේ අනුග්‍රහය යටතේ එරට විශේෂ ආරක්ෂක ස්ථානයක ලැගුම් ගෙන සිටිති.



අදහස් (9)

ගෝඨාගේ මිරිහාන නිවෙසට විශේෂ ආරක්ෂාවක්

chandima Saturday, 20 August 2022 01:07 AM

ඒ කියන්නේ මැරෙනකම් නිවාස අඩස්සියේ ඉන්න වෙනවද ?අරයා වගේ තිරුපති කෝවිලට භාරයක් උනානම් අපල දුරුවෙන්න ?

:       0       0

AB Saturday, 20 August 2022 02:48 AM

අරගලකරුවන් ඉල්ලා සිටියේ, කියාසිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට gota go home මිස රටින් පිටවන ලෙස කිසිවකු ඉල්ලා සිටියේ නැත.

:       0       0

චතුරි Saturday, 20 August 2022 04:15 AM

පුදුම කෝලම් කතා අහන්න ලැබෙන්නේ... ඔය තරම් බය නම් ඇයි එන්නේ..? රට වැටිලා තියෙන අපායෙන් ගොඩ ගන්න බලන එක පැත්තකින් තියලා මිරිහානේ නිවස ආරක්ෂා කරනවද කට්ටියම...? තායිවානයේ ඉන්න පුළුවන්නේ... තව වීසා තියෙනවනේ... හිරගෙදර වගේනේ... ඒ රටේ ජනාධිපති. අපේ අය වගේද? ඔන්නම් හිටපන් කියලා පල නොකියා පලා බෙදුවා ලැජ්ජයි... ඊළඟ වාසනාවන්ති/ වන්තයා කවුද දන්නේ නැහැ කට්ටියගේ... කපුමහත්තයා. අපේ ආච්චි මට වැහුණාම එන්න මගේ ළඟට. නිල මැස්සන්ට වෙන දේ මම කියන්නම් ලස්සනට... සතයක්වත් ගන්නේ නැතිව... අද අනුර කුමාර රට බාරගත්තානම් පරම්පරාවටම දුවන්න පාර මදි එහෙනම්. මහින්ද තවමත් බංකරේ. ළඟදී පන්සල පැත්තේ ගියේ නැහැ නේද කට්ටිය..?.

:       0       0

Akila Saturday, 20 August 2022 06:07 AM

අයෙත් ඉතින් ඒ අවට ගෙවල් වල ඉන්න මිනිසුන්ට කරදරේ

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 August 2022 07:47 AM

රාජපක්ෂ වරුන්ගේ සාපය තවමත් හොල්මන් කරනවා කියලා හිතෙනවා. මේ රටේ හොරෙන් පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩලා නැති බැරි මිනිහෙක් හසු වුණොත් එහෙම ඒ මිනිහාට රටේ තියෙන ඉහළම දඬුවම් ලැබෙනවා. අපේ රටේ පොලිසිය ඒ මිනිහා දිහා බලන්නේ ලෝකේ තියෙන ලොකුම වරද කරලා වගෙයි. ඒත්, රටම හොරා කාපු දූෂිත දේශපාලුවන් නීතියේ රැහැනට හසු නොවී සතුටින් පිරි ජීවිතයක් ගත කරනවා. රටේ ජනතාව කන්න බොන්න නැතිව අපා දුක් විඳිනවා. ඒත්, රටම හොරා කෑ අයව රකින්න විශාල ලෙස රටේ මුදල් වියදම් කොට දැවැන්ත ආරක්ෂාවක් ලබාදෙනවා. විශ්‍රාම ගිය ජනපතිවරුන්ට හා බිරින්දෑවරුන්ට ආරක්ෂක කටයුතු ඇතුළුව මහ මන්දිර ලබාදෙනවා. මෙවැනි රටේ මුදල් කාබාසිනියා වෙන දේ වහාම වළකා ගැනීම වැදගත් නේද? රටේ නීතියට අනුව ලොකු පොඩි කාටත් නීතිය පොදුව හා සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි නේද?

:       0       0

ගමේ එකාලා Saturday, 20 August 2022 12:43 PM

පුළුවන් තරම් ආරක්ෂාව සපයන්නම ඕනේ? රටට කරලා තියෙන්නේ සුළුපටු සේවයක්ද?

:       65       10

BamunuarachchiSunday, 21 August 2022 06:14 AM

ගඟෙන් වතුර බීපු එකා මුහුදට ආවඩනවා. පෙනෙනවා නේද වැටිලා තිබෙන ඩීස්ලයික් ප්‍රමාණය..? ඒ කරපු සේවය හින්දා තමයි ඔහෙලා ප්‍රභාකරන්ගේ වැසිකිලි සෝදන්න යන්නේ නැතුව බේරුණේ. ඒ කාලේ ජෙප්පන් හිටියේත් නැහැ.. කුරුට්ටන් හිටියෙත් නැහැ. ඒ සේවය නැත්නම් කොරෝනාවලින් මැරිලා බොහොමකල්. සිංහලයාට මතක සුමාන දෙකයි..! 

:       0       0

Kumara Saturday, 20 August 2022 09:53 PM

හොරකම් කරපු ඩොලර් ගෙයි වළලලාද?

:       0       0

ජගත් ලියනගේ Saturday, 20 August 2022 11:36 PM

අපි ඉන්නේ ඔය පැත්තේ . පුදුම වදයක් අපිට දෙයි ඔය මනුස්සයා ආපු දා ඉඳල .

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 435 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site