IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ගෝඨගෙ පොත් වැඩක් නෑ‘

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොන පොත් ලිව්වත් ඔහු ඔහුගේ වගකීම ඉටු නොකළ බව තමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

ඔහු මෙසේද සඳහන් කළේය

අපි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ආවේ දහසක් බලාපොරොත්තු තියාගෙන. අන්තිමේදී ඔහු සිරි සඟ බෝ වගේ හිස දන්  දෙන්න කටයුතු කළා. අපි ඒක බලාපොරොත්තු වුණේ නැහැ
එතුමා මොන තරම් පොත් ලිව්වත් තමන්ගේ වගකීම හරියට ඉටු  කළේ නැහැනේ.



අදහස් (6)

‘ගෝඨගෙ පොත් වැඩක් නෑ‘

සුබ අනාගතයේ සෞභාග්‍යය Sunday, 10 March 2024 07:21 PM

ගෝඨාභයට ඉස්සෙල්ලා පොත් පෙරලුවේ තමුන්ලා නේද ලොක්කා? එහෙම පොත් පෙරල පෙරලා ඉඳපු තමුන්නැහැලා ඒවා විසිකර 2019 ගෝඨාභයගේ පොත් හොඳයි කියලා වියත්තු හා නයියන්ඩිලා එකතුවෙලා ගෝටා පොත් ඉතාමත් වටිනවා කියලා ලක්ෂ හැටනවයක් එකතුකර බලයට ගෙනා හැටි. දැන් අමතකද? ඒ නිසා තමුන්නැහැලා 2019 වරදක් කළා කියලා ජනතාවගෙන් සමාව අරගෙන දේශපාලනයෙන් සදහටම සමුගන්නවා මිස ඕවා කියලා වැඩක් නැහැ...

:       0       4

සරත් කුමාර Monday, 11 March 2024 01:18 AM

නිකන් බයිලා නොකියා යන්න මහත්තයා.. දහසක් බලාපොරොත්තු තියාගෙන බලයට ගෙන ආවේ ජනතාව. ඒ මිනිස්සුන්ටයි අසාධාරණය වුනේ. එයාට බෙල්ල දෙන්න වුනෙත් ඔහේලා නිසාම තමයි. හැබැයි ඔහේලාට අසාධාරණයක් කළා කියලා ගජබින්න කියවන්න එපා. ඔයාලාට හොඳට කරපු කෙරිලි, ගහපු ගැහිලි එහෙම්ම කරගෙන යන්න පුළුවන් ලොක්කෙක් දීලානේ ගියේ...

:       0       5

Sudheera Monday, 11 March 2024 05:32 AM

ඔයාගේ ප්‍රතිචාරයක් දැන් ගොඩක් පරක්කුයි.කාබනික පොහොර නාඩගම කරනකොට ත් එක සැරයක් කරලා බලමු කියල. නිසා තමයි රට විනාශ වෙන්නේ..

:       0       12

Perera Monday, 11 March 2024 06:02 AM

ඔහෙලගෙනුත් වැඩක් නැහැ

:       0       14

Bamunuarachchi Monday, 11 March 2024 09:10 AM

ඔව් අපි හිට්ලර් කෙනෙක් පත් කලේ ශ්‍රීමත් ප්‍රේමදාස නවත්තපු තැනින් පටන් ගන්න කෝ එහෙම උනේ නැහැ.

:       4       10

Rawi Monday, 11 March 2024 01:51 PM

කුමන්ත්‍රණය සිදු වුණු බව සත්‍යයක්... නමුත් ඒ කුමන්ත්‍රණයට ජය ගන්නට ඉඩ දීම ඔබගේම වරදයි. හැට නවලක්ෂයක ජනවරමක් හා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් අප ඔබට ලබාදුන්නේ කුමන්ත්‍රණ වලට බිලිවී නාහෙන් අඬන්නට නොවේ. අප ඔබගෙන් පැතුවේ ප්‍රබල දක්ෂ කාර්යක්ෂම හා අදූෂිත නායකයායි. නමුත් අපට ලැබුණේ අප දුටු ආරක්ෂක ලේකම්ගේ ප්‍රථිවිරුද්ධ ප්‍රථිරූපකයකි. තමාගේ රට වැසියා රැක ගත නොහැකි නායකයා කුමටද? රට වැසියා තබා තමාවවත් ආරක්ෂා කරගන්නට බැරි නම් ඒ රාජ්‍ය නායකයා කුමටද? තමාගේ කාර්යාලයේ දොරටු රස්තියාදු කාරයන් පිරිසක් අවුරා ගත් කල කාර්යාලය හැර යන ජනපතියෙකු කුමටද? අවට තරු පංතියේ හෝටල් වලට භීෂණය පතුරුවා ඔවුන්ගෙන් කප්පම් ගනිමින් එසේ නොවන බවට ඒවායේ කළමනාකරුවන්ගෙන් ප්‍රකාශ නිකුත් කරවා ගන්නා විට ඔවුන්ට රැකවරණය සපයන්නට බැරි වුණු ජනපති ඔබයි. පාරක් පාරක් ගානේ සිතුවම් අඳිමින්, පුරන් කුඹුරු අස්වද්දන්නට සැරසෙමින් අභිමානවත් අනාගතයකට අප මැවු සිහින නිවට ලෙස බොඳ කළේ ඔබයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site