(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජන සහ හර්තාල් ව්‍යාපාර ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.
ඉදිරි දින කිහිපයේදී රට පුරා ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශ වැඩබිම් තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඉල්ලා අස්විය යුතු බවට ජනතාව අඛණ්ඩව කරමින් සිටින ඉල්ලීමට කන්දීමට ඔවුන් සූදානම් නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
දැනටත් ඔවුන් දෙදෙනා මහජනයා අතර දැඩි අප්‍රසාදයට ලක්ව සිටින බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දක්වා එය දිග්ගැස්සෙන්නට නොදෙන ලෙස ඔවුන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව ද නන්දුල මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව මගින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
මීට පෙර අප්‍රේල් 28 හා මැයි 6 දිනවල ක්‍රියාත්මක කළ හර්තාල්, වැඩවර්ජන, උද්ඝෝෂණවලට වඩා ඉදිරියට ගිය වෘත්තීය ක්‍රියාමාර්ග මෙවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ කාලකණ්ණින්ව අර LTTE එක ඉවර කළා වගේ දාන්න බැරිද?
එදා යුද්ධය දිනලා පොළව ඉඹලා මාතෘ භුමිය සිංහළ ජාතියටම බේරලා දුන්නු රාජපක්‍ෂලාට අද සිංහලයාම ගරහන හැටි හරිම ලැජ්ජයි...! දැන් අරගල භුමිවල අය බීලා වෙරිවෙලා කියවනවා. එදා පොළව ඉම්බේ " පොළව ඉඹින " ආගමක් වෙනුවෙන් කියලා...!
ජයවේවා ඔහොම එන්න පෙරට... මේ රට මේ තත්වයට පත්කරපු සෙට් එකම එළවන්න ඕනේ...!
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය බාරගැනීමට අවස්ථාව උදා වූයේ විපක්ෂ නායකයා “ආසයි, බයයි” නමැති රෝගයෙන් පෙළෙනා බැවිනි. වැඩ වර්ජන, හර්තාල් සහ උද්ඝෝෂණවලට මුවා වී කටයුතු කරන අයගේ සැබෑ අභිමතාර්ථයන් වටහාගෙන, ඒවාට හසු නොවී කටයුතු කිරීමට දැන් කාලය පැමිණ ඇත...
ඇයි වසන්තය මැරිලඩ? ඔහෙල තමයි රට කන්නෙ. හැමදාම ස්ට්‍ර්යික්. ගොන්නු. JR ගෙ කාලෙ ස්ට්‍ර්යික් කරල මතකද දන්නෙ නැහැ. 71, 88-89 මතක ඇතිනෙ. මවුබිම සැපද ඇහැව්ව. මේ සැරේ ටිකක් ඊට වැඩි වේයි. මොකද එදා ප්‍රේමදාස මෙදා රනිල්. තවම හරියට දන්නෙ නැහැ හැටි.
රනිල් අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ ත්‍රස්තවාදීන් අතර මිසක් සාමකාමී මිනිස්සු අතර නොවේ. රටේ 75%ක් ජනතාව බලාගෙන ඉන්නේ රනිල් ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙයි කියලා... මිනිස්සු විඳවනවා බෙහෙත්, තෙල්, විදුලිය, කෑම, ප්‍රවාහනය, රැකියා, ව්‍යාපාර නැතිව. හෙට මොනවා වෙයිද කියලා පුදුම බයෙන් ඉන්නේ...! ත්‍රස්තවාදීන් මේකට බනියි, ඒත් මේක තමයි ඇත්ත.
අරගලයේ ගුටි කෑවා මදිද?
ඔය වර්ජනය නිසා තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයෙන් පෙළෙන සාමාන්‍ය ජනතාවම තමයි වලපල්ලට යන්නේ... 225 ටමත්, අරගලයේ උඩින් ඉන්න අයටත් කිසිඳු ප්‍රශ්නයක් නැහැ.
කොරන්න පුළුවන් ඕක විතරයි. මෙච්චර කල් කොළේත් වර්ජන විතරයි. වැඩක් කරලා නැහැ. ඊයේ පාර්ලිමේන්තුව ගාවදී සලකපු තාලේටම සලකන්න. ජේවීපී පෙරෙට්ටන්ගේ තෙලේ බහින්න...
හදිසි නීතිය යටතේවත් මේ නාස්තිකාරී වැඩවර්ජන මාෆියාව අවසන් කිරීමට මිලිටරි ක්‍රියාමාර්ගයක් හෝ ගැනීමට බලධාරින්ට සිත් පහළ වේවා!
අරගලයේ උඩින් ඉන්න අයටත් කිසිඳු ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු විඳවනවා බෙහෙත්, තෙල්, විදුලිය, කෑම, ප්‍රවාහනය, රැකියා, ව්‍යාපාර නැතිව... හෙට මොනවා වෙයිද කියලා පුදුම බියෙන් ඉන්නේ....!
නොකා නොබී හරි නව යුගයකට ගමන් කරනවා. ශ්‍රී ලංකා මාතා...!!!
එළවාගන්න බැරිවුණොත් මමත් එදාට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය දිවි පුදනවා.
අරගලයට ජයවේවා...!
කොරෝනා කාලෙත් නිකන් ඉඳලා පඩි ගත්තා. වැඩ වර්ජන මිසක් වැඩක් කරන්න කියලා කියනවා අපිට ඇහිලා නැහැ. නිකමුන්ගෙන් කාර්යාල පිරිලා. මේ පිරිහීමට රාජපක්ෂලා විතරක් නෙවෙයි, ඔබලාත් වගකිව යුතුයි.