(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය.
නැවත දැනුම්දෙ නතුරු අත්හිටුවූ එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදී ඉල්ලීමක් ද කර ඇත.
දුරකථන සාකච්ඡාවේදී අතීතයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝග ජයගැනීමට රුසියාව ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ස්තුති කළ බව පැවසෙයි.
වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන සැපයුම් මිලදී ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගෙන් ණය පහසුකමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
දෙරට අතර මිතුදම ශක්‌තිමත් කර ගැනීම සඳහා සංචාරක,වෙළඳ සහ සංස්කෘතික අංශවල ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එකඟතාවය පළකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර ලියුම අරගෙන ගිය කණ්ඩායමට පාර වැරදිලා රුසියාවේ අතරමං වෙලාද?
ඒ කාලෙ ඇමෙරිකන් ජාතිකයන්ගේ සපත්තු ලෙවකාපු අය අද රුසියාවේ බිම ලෙවකනවා. කරුමයක මහත...!
හැම වැඩක් ම කරන්නේ ප්‍රමාද වෙලා. මේ සාකච්ඡා කරන්න තිබුණේ අවුරුද්ද කට කලින් .
කොහෙන්ද දන්නේ නැහැ.කතාකරන්ඩ ඇත්තේ? හීනයක් දැකලා වෙන්ඩැ.
මේකෙ ඔක්කොම තියෙන අපේ ගොඩ කියපු කතා විතරනේ. එතකොට putin කතා කරලම නැද්ද? උඩින් කියපු වචනයක්වත් මේකෙ නැහැ නේ.
හපෝ මේ ගෝටා මහත්තයා කොයි දේ කළත් කරන්න පටන් ගන්නේ කල් පැනලා වැඩේ සවුත්තුම උනාට පස්සේ. මේක විතරක් නෙමෙයි දැන් බලන්න අර ගුවන් යානයෙ ප්‍රශ්නෙදි ඔහේ දවස් ගතවෙන්න ඇරලා ඒ සමාගමට විශාල හානියක් වෙන්න ඇරලා තමයි විසඳුවේ. ක්ෂණිකව ක්‍රියාත්මක වුනා නම් ඒ රට අපිට තව සලකනවා. ඔන්න බලන්න රුසියාවත් කියාවි නය අරගෙන ආර්ථිකය ගොඩ ගන්න සැලැස්ම ඉදිරිපත් කරන්න කියාල උදවු කරන්න නම්. නැතුව නය අරන් කාලා බිලා කොමිස් ගහලා ඉවර කරන්න කවුරුත් නය දෙන එකක් නැහැ.
ඔකෝම බින්දුවට වැටෙනකම් ඉදල තමා ඔක්කොම කරන්න පටන් ගන්නෙ
අපෙ.........අප්පේ ඇති යාංතන් ප්‍රශ්න ටික විසදුනා. මෙහෙම ඉක්මනින්ම මේ රට ගොඩයයි කියලා උඹලා නිකමටවත් හිතුවද. දැක්කා නේද එයා ඒක විසදුව හැටි. එක ගෙදරකට tap 2ක් හයි කරනවා. එකක් ප්‍රෙට්ට්‍රල් අනික ගෑස්.
ගෝඨා පුටින් සමග කටින්ද කතාකළේ..?
ඕව ඉතින් අදහස් උදහස් වලින් වැඩක් නෑ හිඟාකන කොට කාගෙන් ලැබුණත් ඒකයි...
සරනා ගතයෙක් වගේ එන්න පුලුවන්ද කියල විමසුවෙ නැද්ද ! ඔය යුද්දෙ කරපු හැටි කිව්වෙ නැද්ද මොකද රුසියාව යුද්ද කරන්න ගිහිල්ල මෙවෙලවෙ ඇන ගෙන ඉන්න නිසා
පුටින්ට ලංකාව ගැන බලන්න දැන් සිහියක් නෑ. මිනිහාට යුක්රේන යුද්ධය දිනන්න තමයි දැන් සිහියේ තියෙන්නේ...!
මොකද මෙච්චර පරක්කු වුණේ... බැණුම් අහන්න හරි මුලින්ම කතාකරන්න තිබුණනේ. රුසියාව අපිට කොච්චර උදව් කළ රටක්ද? කියමනක් තියෙනවනේ ‘‘රත්තරන් මුද්දක් දාපු අතකින් ටොක්කක් කෑවට කමක් නෑ...‘‘ කියලා.
මම තමයි හොඳටම කළේ... යුක්රේනේ නැති කළා. ඔයා මොනවද කරලා තියෙන්නේ..? මං තනිඅතින් පෝර නැතිකළා, ගෑස් නැති කළා, ඉන්ධන නැතිකළා, බෙහෙත් නැතිකළා, අධ්‍යාපනේ නැතිකළා, නීතිය නැති කළා, පාර්ලිමේන්තුවේ ගෞරවේ නැතිකළා, අයියාගේ රස්සාව නැති කළා, මල්ලිගේ රස්සාව නැති කළා, මල්ලිව රටින් පැන්නුවා, දෙමව්පියන්ගේ සොහොන් විනාශ කෙරෙව්වා... හොඳයි එහෙනම් වෙලා තියෙන වෙලාවක ආපහු කතා කරන්න මම ඉතුරු ටික කියන්නම්..!