
(සුජිත් හේවාජුලිගේ )
උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට කන් නොදී අඩු තරමින් සිය වැඩිමහල් සහෝදරයාවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස්වත් ගණන් නොගෙන නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුගේ අදහස් යෝජනා පමණක් ලොකු කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම නිසා රටට මේ විනාශය අත්වූ බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට මුල් මාස කීපයේදී ඇහුම්කන්දී හොඳින් කටයුතු කළද ඊට පසු ඔහු ඒ කණ්ඩායම අතහැර දැමූ බව මහාචාර්යවරයා කිවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමට මහන්සි වූයේ තම කණ්ඩායම බවත් මහාචාර්යකම් ආචාර්යකම් වෛද්‍ය වෘත්තිය අතහැර පැමිණ කැපවී ඔහු ජනාධිපති ධූරයට පත්කර ගත්තේ උගතුන් බුද්ධිමතුන් කියන ආකාරයට වැඩ කරාවි යැයි යන විශ්වාසයෙන් බවත් හෙතෙම පැවසුවේය.
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස්වලට ඇහුම්කන් නොදුන්නා සේම ඔහු ගණන් නොගත් බව පැවසූ මහාචාර්යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වතුන් කියපු ආකාරයට වැඩ කළේ නම් මේ විනාශය අත් නොවන බවද ප්‍රකාශ කළේය.
දැන උගත් අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට නාමල් රාජපක්ෂ පරිණත මදි බවත් මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ආචාර්යවරුන් නීතිඥවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට ඔහුට තව වසර කීපයක් ගතවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා පැමිණි තඹුත්තේගම රැස්වීමට සෙනඟ සීයක්වත් එකතු කර ගැනීමට බැරි වුණු හෙයින් හිතේ අමාරුවට එළියට පැමිණ තම කණ්ඩායම විවේචනය කර ඇති බව දැනගන්නට ලැබුණේ යැයි චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවෙන් වංචාවෙන් පටන්ගත් දේට ආයුෂ අඩුයි.
හුරේ!!! අදින්න තව තව කුණු එළියට. ලෙඩා මැරුණත් කමක් නැහැ බඩ සුද්ද කරමු.
ගෝටා විතරක් නෙමෙයි මයිනා රාජපක්ෂ , පී ,බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් යන නඩයම ඇන ගත්තේ නාමල් කියන නීති විද්‍යාලයේ වැඩිම ලකුණු ගත් උපාධි දාරී පුතා, ආචාර්ය උපාධියක් හිමි යෝෂිත පුතා, ආචාර්ය උපාධියක් හිමි රොකට් රෝහිත යන පුත්තු සෙට් එකට ඕන විදියට වැඩ කරලයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තාත්ත ඉස්සරහ හිටියට ඇත්තටම රට පාලනය කලේ මේ කියන පුත්තු සෙට් එකට ඕන විදියටයි. විශේෂයෙන් නාමල් පී බී ජයසුන්දරට කෙලින්ම නියෝග දුන්නේ අංකල් මේක කරන්න අංකල් අරක කරන්න කියලා. හොදම උදාහරණය තමයි අජිත් කබ්රාල් නාමල්ගේ කරේ පිටිපස්සෙන් අත් දෙක තියාගෙන කෝච්චි පදින සුප්‍රසිද්ධ චායාරූපය. මේ අති උගත් පුත්තු ඇතුළු බුද්ධිමත් රාජපක්ෂ පරම්පරාව විසින් ලංකාව බංකොලොත් කර හිගමන් යදින රටක් බවට පත් කර අවසන්. රාජපක්ෂ පරම්පරාවේ මූණවල් සියල්ලට හොදින් අද්‍යනය කරොත් එක පාටක් ඒ මූණවල් වලට පොදුයි. නමුත් ඒ පාට, පාට පෙට්ටියේ පාට අතර නැති පාටක්. ඒ පාට සොයා ගැනීම ඔබට බාරයි. රටක් පාලනය කල නොහැකි බව නැවත නැවතත් මනාව ඔප්පු කර තිබිය දීත් මේ අය පිටිපස්සේ තවමත් වහලුන් සේ යන ජනතාවක් සිටීම මේ රටට දෙවියන් විසින් කර ඇති සාපයක්.
එතකොට නාමල් රාජපක්ෂ නීතිඥවරයෙක් නෙවෙයිද
ගෝඨාභය ඔ තත්වයට වැටුනේ මෙයා වගේ පටු ජාතිවාදියන්ගේ අදහස් නිසා. මේ ජාතිවාදී චන්න ජයසුමන එදා වෛද්‍ය සාෆිට එරහිව බොරු චෝදනා ඇති කරලා, ඇසින් දුටු සාක්ෂි ගණනාවක් ඉන්නවයි කියමින් රටතුල ජාතීන් අතර බේදය ඇති කළා. අචාසානයේ මේ ජාතිවාදියා එම චෝදනා ඔප්පු කිරීමට ඉදිරිපත් වුනෙත් නැහැ. මේ චන්නගේ මහාචාර්ය නාමයෙන් ජාතිවාදය රටතුල බෝ කලේ මිස රටට යහපතක් කලේම නැහැ. ඒ සාපය නිසා තමයි ගෝඨාභයට සහ රටට මේ ඉරණම වුනේ. කවදත් අසීරු අවස්ථාවල අපිට උදව් කරපු, අරාබි, මුස්ලීම් රටවල් පවා මේ මොහොතේ අපිව අත්හැරිය. මේ චන්න දවදුරටත් දේශපාලනයේ නිරත වෙන්න එක, රටට කොඩිවිනයක්.
වරෙවා.. පැණි වරක ගහට හෙන ගහල වගෙ. . එහෙම වෙන්නම ඔන.. රටම රවට්ටල නෙ රටම වැට්ටුවෙ. . දැන් ඉතින් එක එකාගෙ හෙලුව පෙන්වපල්ලා.. අරගලයට ජය වො..
කොරෝන එන්නතෙනුත් ගසා කාලා ඖෂධ නිෂ්පාදන සමාගමට තත්වයෙන් බාල ඖෂධ ගෙනත් එම සමාගමත් කාලා v8 වාහන වල ගිය අය කියන කථා අහගන හුරේ දාමු.