(ටී.කේ.ජී.කපිල)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (05) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා මෙන්ම ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ද සනාථ කළේය.

ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත අද උදෑසන 08.25 ට පැමිණ තිබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ , පුතා , ලේලිය සහ මිනිබිරිය ඇතුළු පිරිස ගිය මස 26 දින කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.