(ටී.කේ.ජී.කපිල)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.
ඔවුන් අද අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් එසේ පිටත්ව ගොස් තිබේ .
එහෙත් ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
හිටපු ජනාධිපතිවරයාට , සිය පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ (V.I.P. Lounge), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ හෝ එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත් , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍යයේ දැක්ම තුලින් ලංකාව ලෝකයේ දියුණු බලවත් රාජ්‍යයක් කෙරුව හා තම කෘෂිකාර්මික හා ආර්ථික ප්‍රතිපත්ති මගින් තිරසාර සංවර්ධනය රටට උරුමකර දී ලෝකයටම ආදර්ශයක් සපයා විශ්‍රාම සුවයෙන් දිවි ගෙවන අපේ හිටපු ජනාධිපති අතිගරු ගෝඨභය රාජපක්ෂ මැතිතුමාට තම දේශපාලන හා ආර්ථික වැඩපිලිවෙල් පිලිබඳව අත්දැකිම් බෙදා හදා ගන්න චීන ජනාධිපති ෂි ජිං පිං මැතිතුමා ආරාධනා කරන්න ඇති.
ඇමරිකාව ට වැඩක් දෙන්න වත් ගියාද බං !
රාජපක්ෂලාට යන්න තියන එකම රට චීනය පමනයි. චීනයෙත් වැඩි කලක් නැවතුනොත් යන්න කියනවා දෙකක් නැහැ. ඉස්සර නම් පාරවල් පලාතක්ම වහලා ලෝඩ් පකීර් වගේ වී අයි පී ලෞන්ජ් වලින් රට ගිය රාජපක්ෂලා දැන් මහජනයාට මුහුණ දෙන්න බැරුව ගුවන් භාන්ඩ පර්යන්තයේ අගුපිලකින් හැංගිලා රිංගලා ගිහින් ගුවන්යානයට නැගලා තියෙන්නේ. මේ අයව මේරටේම කොටුවෙලා ඉන්නේ දැන්. යුක්තිය පසිදලන දිනය එයි නොබෝ දිනකින්. එතකන් දියකෙලපල්ලා…..
සජබ සහ සජබ කට කතා කෙබර හමුදාවේ සාමාජිකයිනි, එන්න අපි දැන් මේකට කතා දාහක් හදමු. පද කෝටියක් මවමු. රට පෙරලමු. ඔබට සුපුරුදු රාජකාරිය අරඹමු.
රජවෙලා හිටපු කාලයේ කරපු දේවල් වල ප්‍රතිලාභ ගන්න යනවා වෙන්න පුළුවන් .ගියාම ලැබෙන සැලකිල්ල අනුව වෙන්නෙ මොනවාද බලන්න. ඒක දේශපාලුවො පමණක් නොවෙයි සමහරක් නිළධාරින් හා ලොකු පාසැල්වල සමහරක් විදුහල්පතිලාත් කරනවා .කාලෙකට පෙර එක් විදුහල්පති කෙනෙක් වෙනත් දිස්ත්‍රික් වල රුවැති අම්මලාගේ දරුවො සුදුසුකම් නැතත් ඔහු සිටි ජාතික පාසැලට ගත්තා .මුදලුත් ගත්තා ලස්සන ගුරුවරියො හිටපු ගෙවල්වලට වෙලාවක් අවේලාවක් නැතුව ගියා .මිනිහා විශ්‍රාම ගියාට පස්සෙ ලස්සන අම්මලා ලැගුහල් වලට කැදවා උපරිමයෙන් සැප ගත්තා .ඒත් දවසක් තෘප්තිය මදිවෙලා උත්තේජන වැඩියෙන් අරගෙන යන්නත් ගියා. ඕන කෙනෙක් කරපු දේවල් වල ප්‍රතිලාභය ගන්නෙ විවේක සුවයෙන් සිටින කාලයේ තමයි
අනුරාධපුරේ ඥානා අක්කත් මේ ගමනට එකතු කරගන්න තිබ්බා .චීන ජනපතිට චීනේ අනාගතය ගැන කියලා දෙයිනේ .මේ වගේ මිත්‍යාව පස්සේ යන නායකයෝ ඉන්න රටක් පිරිහෙනවා මිසක් දියුණුවක් නෑ .රටේ ජනතාවගේ අවාසනාව
ඔබතුමාට සුබ ගමන්
තවත් අපේ සල්ලි වලින් සැප ගන්නව.
ගෝඨාභය අපේ ජනපති තුමාට චීන රජයේ ලොකු ඇමතිකමක් ලැබේවා .ලංකාවට නැවත එන්නේ නැහැ
මේක සරල දෙයක් නෙමෙයි.ඉදිරියේදි ලංකාවෙ දේශපාලනයේ වෙනසක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනව.මේ වෙලාවෙ චීනයට දැඩි වුවමනාවක් තියෙනව මහින්ද නැවත අගමැති කරන්න.මහින්දට බැරි නිසා ඔවුන් ගෝඨාභය තෝරගෙන වෙන්න පුළුවන්.ගෝඨාභය මේ යන්නෙ මහින්දගෙ ගමන.නුදුරේදී ගෝඨාභය අගමැති වෙන්න බැරි නැහැ.රනිල් විධායක ජනාධිපති වීම චීනයට දැඩි පහරක්.අවාසියක්.(මහින්ද රනිල්ට බලය දුන්නෙ පණ බේරගන්න.දැන් ඒක අනිත් පැත්ත කරකැවෙමින් පවතිනව.දැන් රනිල් මහින්දට කන්ට්‍රෝල් නෑ)රනිල්ගෙන් ඇමරිකාව උපරිම ප්‍රයෝජන ගන්න පටන් අරන් තියෙන්නෙ.චීනය අයිඑම්එෆ් වැඩේට සපෝට් එක දේවි කියල හිතන්න බෑ.ඒ වැඩේ බකල් වෙන්න තියෙන ඉඩ වැඩියි.ඒක නිසා ඇමරිකාව ලංකාවට සල්ලි දාන්න විකල්පයක් හොයමින් ඉන්නෙ.පෙරේද රිචඩ් ආමිටේජ් ලංකාවට ආවෙ ඒ වැඩේට.ඒක එම්සීසී වගේ එකක් වෙන්න පුළුවන්.
අපට මොකද මූ කොහේ මකබෑවුනත්. හොරාකාපු සල්ලි තියෙනවා. ඉතින් පලයන්.
එකක් කියන්න පුළුවන්. මේ මනුස්සයා මහා පව්කාරයෙක්. මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි ජීවිත මොකටද..?
එයා කොහේ ගියත් අපිට අදාල නැත. හොරසල්ලි කෝටි 1.7 හා හොරකෑ මුදල් අයකරගත යුතුයි.
මීහරක් පටවන්නේ භාන්ඩ පර්යන්තයෙන්ද?
චීනයෙන් ණය අරගෙන යටිමඩි ගහලා, චීනයටත් අපේ රටේ අප්‍රසන්න අප්‍රසාදයකට පත්කරපු රාජපක්ෂලාට තවත් චීනයට ඇතුල්වීමට ලැබීම ගැන අපි ඉතා පුදුම වෙමු...!
මොවුන්ට ඕනෑ ඕනෑ තැන්වලින් රිංගලා යන්න ගුවන් තොටුපළේ නීතියක් නැද්ද?
හොඳට තිබ්ච්චි රට අද මේ තත්වයට පත්කරපු අයට නම් කොහේ ගියත් හොඳක් සිදුවෙන්නේ නැහැ...
දැන් පාර්සල් ගාණට වැටිලද?
පිස්සු කතා කරන්න එපා. ඔය ගියේ ලි ක්වාන් යූ, මහතීර් මොහමඩ්, නෙල්සන් මැන්ඩෙලා වගේ අයෙක් !
හරියට අහිකුණ්ඨිකයෙක් වගේ. එහෙට මෙහෙට යන එකයි කරන්නේ . චීනට නයා අරින්ඩ ගිහින් ද මන්දා?
අනේ එයා තියාගෙන අපිට ප්ලාස්ටික් බාස්කට් එකක් දෙන්න...
කස්ටම් එකෙනුයි, ඉමිග්‍රේෂන් එකෙනුයි සීල් එකත් අරන් එතැනට ගියාද?
පාර්සල් තැපැල්...!
චීනය හොඳ කෘෂිකර්මාන්තීය රටක්... ලංකාවට කරා වගේ බිංදුවට බස්සන්න ගියාද දන්නේ නැහැ...?