IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෝඨා ගිය පාරේම රනිල් ජනපතිත් යනවා

(නිමල කොඩිතුවක්කු)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සුපිරි ධනපතින්ට සහන සලසා දෙමින් රට බංකොලොත් කළ බවත්, රනිල් වික්‍රමසිංහ   ජනාධිපතිවරයා ද එය අකුරටම ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ සාමාන්‍ය ජනතාව ගැන කිසිදු හැඟීමක් වර්තමාන ආණ්ඩුවට නැති බව විදුලි බිල සංශෝධනයේදී තහවුරු වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ සම්පත් කොල්ල කෑ, රට විනාශ මුඛයට රැගෙන ගිය පිරිස  සුරක්ෂිත කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා විසින් බවත් සමගි ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පලාත් පාලන ආයතන නියෝජිතයින් සහ අපේක්ෂකයින් පිරිසක් හමුවෙමින් ඔහු පැවසීය.

එවන් දුර්දාන්ත ආණ්ඩුවක් සමග සමගි ජන බලවේගය කිසි ලෙසකින්වත් එකතු නොවෙන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
ආණ්ඩුවට හිතවත් ඇතැම් මාධ්‍ය යොදාගෙන සමගි ජන බලවේගය සහ ජනාධිපතිවරයා එකට එකතු වන බවට බොරු ප්‍රචාර පළ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා තාන්න මාන්න තනතුරුවලට කිසිදිනක තමන් මේ රටේ ජනතාව පාවා නොදෙන බවද පැවසීය.

ජනාධිපතිවරයාව පත් කිරීමට මුල් වූ පොහොට්ටුවේ කණ්ඩායම පැමිණ ඇමතිධූර ඉල්ලන බවත් දැන් එය සූදුවක් බවට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා  ඒ නාඩගමට ඇත්තේ තව වසර එකහමාරකට අඩු කාලයක් බව ද පැවසීය.



අදහස් (4)

ගෝඨා ගිය පාරේම රනිල් ජනපතිත් යනවා

මහසෙන් Thursday, 15 June 2023 08:35 PM

ඔයා යන්නේ යාල පාරේ ද? මේ වගේ කයිවාරු විහිලු නායකයෙක් ඉන්නකම් රනිල් එයාට ඕන ගේම් එක සෙල්ලම් කරන එක නවත්වන්නේ නෑ තමයි.

:       0       1

Chandra Thursday, 15 June 2023 09:27 PM

රට බංකොලොත් කරන්නේ නැතුව තිබුණු යහපාලන රජය පෙරලන්න ඩීල් දැම්මේ කා සමගද? දූෂිත අය සමග නේද? දැන් සුදනාද? බල පෙරේතකම...

:       0       2

ajith Friday, 16 June 2023 09:53 AM

ගෝඨා ගිය පාරේම රනිල් ජනපතිත් යනවානම් විපක්ෂයේ නොසිට ආණ්ඩුවට එක්ව රනිල් යන ගමන වෙනස් කරන්න, එවිට රටේ පුරවැසියන් තේරුම් ගනීවි. සජිත්ට තමා රනිල් ජනපතිගේ ගමන වෙනස් කලේ කියලා. මේ යන ගමන වෙනස් කරන්න ප්‍රතිපල එනකොට රටේ පුරවැසියෝ කියවී සජිත් FAIL ද පාස් ද කියලා. කරන දෙයක් ඉක්මනට

:       0       2

Bamunuarachchi Friday, 16 June 2023 09:52 PM

අලුත් පාරවල් හොයන්න ගිය ජෙප්පෝ සජබයින් අතරමං වෙලා නේද? දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site