(ඉන්දිකා  රාමනායක )

 තලාතුඔය ගුරුදෙනිය මාර්ගයේදී  වෙළෙඳසලක්  තුළ  බීර පානය කරමින් සිටී  දෙදෙනකුට අතින් පයින් හා සවලකින්  පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, තලාතුඔය පොලිසියෙන් රාජකාරි කරන සැරයන්වරයෙකු,කොස්තාපල්වරයෙකු   අත්අඩංගුවට ගත් බව  තලාතුඔය පොලිසිය පවසයි.

සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ද පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේය.පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බවද පොලිසිය පවසයි.

ගුරුදෙනිය පාරේ ලී වෙළඳ සැලක් තුළ  ඉකුත් (17) දින පුද්ගලයන් දෙදෙනෙකු බීර  පානය කරමින් සිටියදී. තලාතුඔය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ඉහත නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණ.  එම ස්ථානයේ බීර පානය නොකරන්න යැයි  ඉහත පුද්ගලයන් දෙදෙනාට අවවාද කර ඇත.

එහිදී දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී  කොස්තාපල්වරයා සහ සැරයන්වරයා   එම ස්ථානයේ තිබූ පොල්ලකින් සහ සවලක්  ඉහත පුද්ගලයන් දෙදෙනාට පහර දී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මෙහිදී එම පුද්ගලයන් දෙදෙනා ද පොලිස් නිලධාරීන් වෙත පොල්ලකින් හා බෝතල් එකෙන් පහර දී ඇත.

සිද්ධියේදී පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් දෙදෙනා තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

විමර්ශන අනුව,  එම ස්ථානයට ගොස් ඉහත පුද්ගලයන් දෙදෙනාට පහර දීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා සහ සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.