
(ඉන්දිකා රාමනායක)
විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන් පොතුවිල් අල්කලාම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් මිළ කළ නොහැකි ගජමුතු දෙකක් ළග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් මෙම ගජමුතු දෙක අලෙවි කිරීමට සුදානමින් සිටින බවට ඊයේ (2) ලද තොරතුරකට අනුව උපාය දූතයන් යොදා සිදුකළ වැටලීමෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරුවන් පොතුවිල් පදිංචි (60) සහ (37) යන වයස්වල පසුවන්න බවත් ඔවුන් වැඩිදුර පරීක්ෂණ සදහා පොතුවිල් පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd