
(චන්දන හෙන්දුරුගොඩ)
රුපියල් කෝටි එකකයි ලක්ෂ 30 අලෙවි කිරිමට ගිය ගජ මුතු 03 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකාය කදවුර කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය ලැබුණු තොරතුරක් මත පුත්තලම කළපු තීරයේ දී උපාය මාර්ගික දූතයන් යොදවා පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
මෙම වැටලීමේදී මෙයට සම්බන්ධ මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු හා පුත්තලම ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd