
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, නයනජිව බන්ඩාර සහ කේෂර ගුණතිලක)
නිදන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝ 23ක් සන්තකයේ තබාගැනිම සමිබන්ධයෙන්, අත්අඩංගුවට ගත් මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේරත් බණ්ඩාරලාගේ සුනිල් ශාන්ත සිසිල කුමාර මහතා ඇතුලු සැකකරුවන් සය දෙනා ජනවාරි මස 13දා තෙක් රදාවා ප්‍රශ්න කිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින්ට අවසර දුන්නාය.
මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබාදුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමොන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු මහේස්ත්‍රාත්වරියගෙන් කළ ඉල්ලිම සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු සැකකරුවන් පිරිස පස්සර පොලිස්ථානයේ රදවා ප්‍රශ්න කිරීමට නියමිතය.
මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු සැකකරුවන් සය දෙනා නිදන් කැණිමක් සමිබන්ධයෙන් සැකපිට ඊයේ පස්වරැවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය කදවුරේ විශේෂ පොලිස් කන්ඩායමක් විසිනි.
සැකකරුවන් පිරිස මොණරාගල ව්‍යාපාරිකයකුට අයත්, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථකින් කුඹුකන ප්‍රදේශයේ සිට මොණරාගල දෙසට පැමිනෙමින් සිටියදි කුඹුකන වෙල්ලචිචිකඩේ ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් විසින් නවතා පරික්ෂාකර ඇතත් සැකකටයුතු කිසිවක් හමු වී නැත. පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මොණරාගල නිළ නිවස පරික්ෂා කිරිමේදි එහි සිවිලිමක් උඩ සගවා තිබු තරමක් වියලි ගංජා කිලෝග්‍රෑමි 23ක් සොයා ගැනිමට මෙම වැටලිම සිදුකල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් පිරිස සමත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා සමග ඇල්ලු එස්.එස්.පී. රඳවා ප්‍රශ්න කරන්න අවසර
Saman Monday, 09 January 2023 08:55 PM
එස්එස්පී සිසිල කුමාර ගංජා කිලෝ 20 ක් සමග එස්ටීඑෆ් එකට අතේ මාට්ටු..! -LeN ආරක්ෂක වාර්තාකරු (ලංකා ඊ නිව්ස් -2023.ජන.08, ප.ව.11.00) මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 20 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(08) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ. STF නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකිරීමට පිරිස ගොස් ඇත්තේ බුත්තල එස්ටීඑෆ් කඳවුරේ සිට ය. ඔත්තුව කිරි ගහට ඇන්නා සේ එස්එස්පී සිසිල කුමාර හේරත් බඩුත් සමග අත් අඩංගුවට පත් වී තිබේ.
APerera Tuesday, 10 January 2023 07:49 AM
අනේ මෙයා ලඟ මොකුත් නරක දෙයක් තිබිලා නැහැ. තිබුනෙ ත්‍රයිලෝක විජය පත්‍ර ටිකක්. බුදුහාමුදුරුවොත් පාවිච්චි කලා කියලා ත්‍රයිලෝක විජය පත්‍ර රැජ්න (ගංජ ගහපු වෙලාවක වෙන්ටැ මයෙ හිතේ) කියලා තිබුනනෙ. නිදොස් කොට නිදහස් කරලා දාන්න.
Perera Tuesday, 10 January 2023 07:54 AM
ඔය අයිස් කන්දේ තුඩුව විතරයි .ශ්‍රීලංකා පොලිසිය කියන්නේ උඩ ඉඳන් පහලට දූෂිත ආයතනයක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 10 January 2023 08:48 AM
Ceylon Police ලාංඡනය වර්තමානයේ ඉවත්ව ඇත.අද ධර්ම චක්‍ර ලාංඡනය දෙවුරේ පැළඳුවත්,පොලීසිය හොඳටම විනය පිරිහුණු මට්ටමක ඇතැයි කිවහොත් කිසිවෙකු උරණ නොවනු ඇත.මේ විනය පිරිහීමට දේශපාලකයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට පුලුවන්ද ? පොලීසියේ අණට ජනතාව ගරුකරාවිද ? ඒ නිසා වහාම මේ රටේ බුද්ධිමතුන් හා ක්‍රියාකාරීන් කිසිදු දේශපාලනයකට ගැති නොවෙන වීනයක් ගරුත්වයක් ඇති පොලීසියක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළ යුතුය.
එමි එමි Tuesday, 10 January 2023 08:52 AM
ඔය ඇල්ලුවට තව ටික දවසකින් කියයි තරහ කාරයෙක් කරපු වැඩක් හින්ද ස්ථාන මාරැවක් ලබාදි නැවත රාජකාරියේ යෙදවිව කියල එච්චරයි මොකද අපේ රටෙි නිතිය එහෙමනෙ වෙන්නෙ
vira Tuesday, 10 January 2023 10:01 AM
මුන්ට මහත්වරු කියන්න එා
Bunny Preena Tuesday, 10 January 2023 11:08 AM
1970 වෙන් පස්සෙ පොලීසිවල කීර්තිනාමය බින්දුවටම බැහැලා තියෙන්නෙ දේශපාලන ඇගිලි ගැසීම් නිසා
Senarath Tuesday, 10 January 2023 12:36 PM
මෙක පොඩි නිලදාරියෙක් කලානම් ඔහුට කියක් හරි සොයගන්න කලා කියල හිතන්න පුලුවන්. එත් මෙ වගෙ නිලදාරියෙක් කරා කිවුවම අපි කොහොමද පොලිසි විස්වාස කරන්නෙ ? ඉතාම නින්දිත වැඩක්. මෙ තරම් පහත් තත්වෙට වැටුනු නිලදාරියෙකුට කිසිම සමාවක් දෙන්න බැහ.