(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, නයනජිව බන්ඩාර සහ කේෂර ගුණතිලක)

නිදන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝ 23ක් සන්තකයේ තබාගැනිම සමිබන්ධයෙන්, අත්අඩංගුවට ගත් මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේරත් බණ්ඩාරලාගේ සුනිල් ශාන්ත සිසිල කුමාර මහතා ඇතුලු සැකකරුවන් සය දෙනා  ජනවාරි මස 13දා තෙක් රදාවා ප්‍රශ්න කිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින්ට අවසර දුන්නාය.

මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබාදුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමොන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු මහේස්ත්‍රාත්වරියගෙන් කළ ඉල්ලිම සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු සැකකරුවන් පිරිස පස්සර පොලිස්ථානයේ රදවා ප්‍රශ්න කිරීමට නියමිතය.

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු සැකකරුවන් සය දෙනා නිදන් කැණිමක් සමිබන්ධයෙන් සැකපිට ඊයේ පස්වරැවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය කදවුරේ විශේෂ පොලිස් කන්ඩායමක් විසිනි.

සැකකරුවන් පිරිස මොණරාගල ව්‍යාපාරිකයකුට අයත්, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථකින් කුඹුකන ප්‍රදේශයේ සිට මොණරාගල දෙසට පැමිනෙමින් සිටියදි කුඹුකන වෙල්ලචිචිකඩේ ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් විසින් නවතා පරික්ෂාකර ඇතත් සැකකටයුතු කිසිවක් හමු වී නැත.   පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මොණරාගල නිළ නිවස පරික්ෂා කිරිමේදි එහි සිවිලිමක් උඩ සගවා තිබු තරමක් වියලි ගංජා කිලෝග්‍රෑමි 23ක් සොයා ගැනිමට මෙම වැටලිම සිදුකල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් පිරිස සමත්ව ඇත.