IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගංජා ඇල්ලූ පොලිසියේ දෙකකගේ වැඩ තහනම්

(යොහාන් භාසුර)

කොළඹ - මහනුවර මාර්ගයේ කැලණිය ගුවන් පාලම අසළ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 ක තොගයක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කිරීම පිළිබඳව එම නිලධාරීන් දෙදෙනා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම සිද්ධියේදී සැකකරුවන් සහ වාහන අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට කැලණිය (1) සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කර තිබේ.

අදාල වාහනයේ පිටුපස තිබූ ජංගම දුරකථන තොගයක් සහ ගමන් මළු කීපයක් පිළිබඳව නිලධාරියෙක්ට ඇති වූ සැකයක් මත පරීක්‍ෂා කරමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනා වාහනය පණ ගන්වාගෙන පලාගොස් ඇති අතර වාහනයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය ද පොලිස් නිලධාරීන් භාරයේ තිබී ඇත.

වාහනයේ පිටුපස විවෘතව තිබියදී අදාල පුද්ගලයන් වාහන පණගන්වා පලායද්දී එහි තිබූ තවත් ගංජා බෑගයක් පාරේ වැටී තිබියදී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිසියට භාරදී ඇති අතර වැඩතහනමට ලක්ව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා පරීක්‍ෂා කරමින් සිටියදී පලාගිය එම වාහනයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

රියදුරු බපත්‍රය ඔස්සේ පරීක්‍ෂණ කර පලාගිය වාහනය පොලිස් භාරයට ගෙන තිබුණ ද පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ දක්වා අපොහොසත්ව ඇති බව ද වාර්තා වේ.

එම වාහනයේ තිබූ ජංගම දුරකථන අස්ථානගත වීමක් සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති බව දැනගන්නට තිබේ. 



අදහස් (8)

ගංජා ඇල්ලූ පොලිසියේ දෙකකගේ වැඩ තහනම්

චන්දන Thursday, 15 June 2023 03:34 PM

මොකටද ඕන නැති වැඩ කරන්න ගියේ. පාරෙ යන වාහන වලට යන්න ඉඩ නොදී. හොඳ වැඩේ...ආ... අමතක වුනා අර කෝටි 2ට මොකද වුනේ කියල..දෙයිශබන්ඩු මහත්තයගෙ.

:       11       87

Senarath Thursday, 15 June 2023 04:03 PM

පහත් තැනින් යයි ගලා ජලේ කියලා කියමනක් තියෙනවනේ.. ඔය දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයට අනුව..., අරගලයේදී ගුටිකාපු පොලිස් ලොක්කාගෙත් වැඩ තහනම් කරන්න ඕනේ... අරගල කරුවන්ගෙන් ගුටිකාලා පොලිසියට අවමන් කළාට...! 

:       0       2

චන්දිම ෆොන්සේකා Thursday, 15 June 2023 05:39 PM

මට නම් තේරෙන විදියට මෙතැනදී කාටහරි නිකම් පිස්සු හැදිලා තියෙනවා වගේ. මේ මිනිස්සු මේක පරික්ෂා කරද්දී පැනලා ගියා නම් දෙන්නද තිබුණේ ටී 56න්?

:       0       2

කිරිපුතා Thursday, 15 June 2023 07:14 PM

වාහනේ දේශපාලකයෙකුට අයිති එකක් වගේ...!

:       0       7

Perera Thursday, 15 June 2023 11:57 PM

කේරල ගංජා ආනයන භෝගනේ... දේශීය ගංජා වුණා නම් අල්ලන්නේ නැහැ... ඒවා ඩොලර් උපයන අපනයන භෝගනේ....

:       2       4

Bunny Preena Friday, 16 June 2023 09:15 AM

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී

:       1       10

ගමේ එකාලා Friday, 16 June 2023 03:46 PM

දූෂිත දේසපාලුවෙකුට අයිති ගන්ජා වෙන්ඩැ .නැත්නම් පොලිසියේ අයගේ වැඩ තහනම් කරන්නේ අහවල් දේකටයැ?

:       2       3

Kumara Friday, 16 June 2023 03:57 PM

කුකුල්ලු අල්ලනකොට ඔයවගේ වැඩ වෙනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site