(දසුන් රාජපක්ෂ)
ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්රවණතා වැඩිම වසරේ වචනය 'ශ්‍රී ලංකාව' බව ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට වැඩිවී තිබුණු බව එම සමීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇතැයි දැක්වේ.
මීට හේතුව අප්‍රේල් මාසයේ එල්ල වූ ඉස්ලාම් අන්තවාදී පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව එහි සදහන් ය.
ගූගල් ආශ්රිත සෙව්ම් පද අතර ශ්‍රී ලංකාවේ බෝම්බ, ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර සහ ගෝලීයව ශ්‍රී ලංකාව කොතැනද යන වචනයන්ද ගූගුල් පරිශීලකයන් අප්‍රෙල් මාසයෙන් පසු නිතරම භාවිතා කොට තිබේ.
එමෙන්ම ඒරියා 51 සහ ලොව හොදම පන්දු යවන්නා යන වචනයන් ගූගල් පරිශීලකයන් ශ්‍රී ලංකාව යන වචනයට පසුව වැඩියෙන්ම සෝදිසි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම වැඩි දෙනෙක් ලංකාව ගැන හොයද්දී ලංකාවේ වැඩි දෙනෙක් හෙව්වේ අර ... එක්කෝ ඕනෙනෑ.
ලංකාව තියෙන්නේ 1 ට නෙමේ 6 ට...
ලෝකයේ වැඩිම වුණත්, ලංකාවේ අඩුව සෙවීම පාස්කු ප්‍රහාරය ගැනයි. දැන් රජයත් කරන්නේ ඒකමයි.
2019 වැඩිපුරම සොයලා තියන සංචාරක ගමනාන්තය අපේ අල්ලපු රටක් වන මාලදිවයිනයි. ඔවුන් සංචාරක කර්මාන්තය වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන දේවල් වලින් ලංකාවටත් පුළුවන් හුඟක් දේවල් ඉගෙන ගන්න.
ඇති යාන්තන් එහෙමවත් එකට ආවා...!
අපට ඔය වගේ නරක ප්‍රසිද්ධියක් ලැබෙන බව දැනගෙන තමයි විමල් සහෝදරයා අවුරුදු ගණනකට කලින් උපවාස කරලා කිව්වේ ගූගල් වර්ජනය කරලා ඇමෙරිකාවට රිද්දමු කියලා. කෝ කවුරුවත් ඇහුවේ නැහැනේ...?
ශ්‍රී ලංකාව ගැන ගිය අවුරුදු 5 නම් ලෝකේ කව්රුත් සෙව්වා මොකද කෑලි කඩලා වෙන්දේසියේ දාලා තිබුන නිසා. කෑල්ලක් ගන්න පුලුවන්ද කියලා බලන්න. ඔය ඇමරිකාවත් අක්කර ලක්ෂ 12500 ම ගන්න ලන්සු තියලා තිබෙන්නේ.
අපේ අය නම් වෙන එකක් තමයි හොයලා තිබ්බේ