ගූගල් සමාගමේ ලොව පුරා කාර්යාල වල සේවක සේවිකාවන් දහසක් පමණ සිය කාර්යාල වලින් පිටතට පැමිණ විරෝධතාවයක යෙදී ඇතැයි වාර්තා වේ.
ගූගල් කාර්යාල වල සේවය කරන කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික අඩත්තේට්ටම් හා හිංසනයන්ට එරෙහිව ඔවුහු එලෙස විරෝධතාවය දක්වා ඇත.
ලෝකයේ විශාලතම සෙවුම් යාන්ත්‍රණය වන ගූගල් සමාගමේ ආසියානු කාර්යාල වල ආරම්භ වුණු මෙම නොසන්සුන්තාවයන් යුරෝපය, උතුරු ඇමරිකාව හා කැලිෆෝනියාවේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැතිරිණි.
සංවිධායකයින් පවසන්නේ සේවකයින්ගෙන් සියයට 60ක් පමණ විරෝධතාවය සඳහා සහභාගී වූ බවයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd