
ආර්ථික අපහසුතාවෙන් පෙළන මෙරට පවුල්වලට චීන බෞද්ධ ජනතාව පිරිනැමූ වියළි ආහාර තොයක් අඩුආදායම්ලාභී පවුල් 650කට බෙදාදීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිදු විය.
ෆාෂියාන් පුණ්‍ය භාරය සහ චීන බෞද්ධ විහාරස්ථානය මෙම වියළි ආහාර තොගය මෙරටට එවීමට මූලිකත්වය ගෙන ඇත. මෙම ආධාර බෙදාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන් හොන්ග් මහතාද සහභාගි විය.
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 5ක ගැබිනි මවුවරුන්, කිරිදෙන මව්වරුන්, බෝනොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, ආබාධිත සහ අඩුආදායම්ලාභීන් 2300කට පමණ දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් පිරිනැමීමේ ගංගාගරාම විහාරස්ථානයේ වැඩසටහනද නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන තානාපති චි චෙන් හොන්ග් යන මහත්වරු එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්කම නැති කිරීම වෙනුවට විදේශීය වියලි ආහාර බෙදීම, අගෙයි අගෙයි අගමැති, දශක කීපයක් ප්‍රධාන දේශපාලන යේ යෙදුනත් දුප්පත්කම එහෙමමයි නේද? කොලබ ඔහොම නම් කොලබින් පිට කොහොම ඇතිද?
මේක තමයි සිස්ටම් එක අපිට ඕන. මේ සිස්ටම් එක චේන්ග් කරන්න දෙන්න බැහැ. මේ සිස්ටම් එක චේන්ග් කරන්න කියලා ඉල්ලන උන්ව අලුතින් තස්ත පනතක් හරි දාල නවත්තන්න ඕනි. මේ සහන මලු සිස්ටම් එක තමයි අපිව ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම සිස්ටම් එක.