(අංජුල මහික වීරරත්න)

ගංගා හතරක ජල ගැලීම් තත්ත්ව සම්බන්ධයෙන් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහවැලි ගඟ,කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ගංවතුර අනතුරු ඇඟවීම් මෙලෙස ඉවත් කර තිබේ.

ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.එස්.සූරියබණ්ඩාර මහතා පවසයි.