(රෝෂන් තුෂාර)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය  ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd) බදු දීමේදී මිලියන 70 ක් අල්ලස් ලබා ගත්තේ යැයි කියන නාමල් රාජපක්ෂ මහතා ලබන 06 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (29) නියෝග නියම කළේය. 

සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  සැකකරු කෙලින්ම බන්ධනාගාරයට රැගෙන යන ලෙසට ද නියෝග කළේය.