(ජේ.කේ.එල්. චාමින්ද)
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයන්ට පටහැනිව බෙදුම්කරුවන් සදහා මුලු අලෙවි නියෝජිත කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 31,021 ක වැඩිපුර මුදලක් ඉකුත් වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදින වනවිට ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඛනිජතෙල්වල දේශිය වෙළදපොළ මිල ගණන්වල උච්චාවචනයන්ගේ බලපෑම් මත බෙදුම්කරුවන්ට හා සංස්ථාවට සිදුවන අහිතකර බලපෑම් බැහැර කිරිම සදහා ඉහළ හා පහළ සිමාවන්ට යටත්ව ගෙවනු ලබන කොමිස් මුදල් තිරණය කර තිබුණි.
ඒ 2019 වර්ෂයේ ජුලි 30 දිනැති අංක 05/1231 අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට අනුවය. එහෙත් මෙකි අධ්‍යක්ෂක මණ්ඩල තීරණයට පටහැනිව ඉහළ සිමාවන් නොසලකා බෙදුම්කරුවන්ට අලෙවි නියෝජිත කොමිස් මුදල් ගෙවා තිබුණි. 2023 වර්ෂයේ දි වැඩිපුර ගෙවා තිබු කොමිස් මුදල රුපියල් මිලියන 14,874කි. මෙම කොමිස් මුදල විකුණුම් හා බෙහැරිමේ වියදම් යටතේ දක්වා තිබුණි.
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජතෙල් බෙදුම්කරුවන්ට කොමිස් වැඩිපුර ගෙවලා
Ran Tha Sunday, 02 March 2025 09:15 AM
කාංචනයා හොරා කෑවේ නෑ කිව්වා නේද? ඔතැනින් භාගයක්වත් යන්න ඇත්තේ කාංචනයාට. ඉතිරි ටිකෙන් සීයටත් ටිකක්වත් යන්න ඇති...!
පිටරටවැසියා Sunday, 02 March 2025 12:27 PM
රාජ්‍ය ආයතන විගණනය වෙන්නෙත් රටේ ජනතාවගෙ බදුමුදල් වලින්. ඈත ඉතිහාසයේ විගණන වාර්තා එතරම් ප්‍රසිද්ද නොවුණට, මෑත ඉතිහාසයේ විගණන වාර්තා වැඩි ප්‍රසිද්දියක් උසුලන්නෙ "හොරකම, වංචාව, දුෂණය" ගැන වැඩි හෙළිදරව්වක් වීම මගින්. වාර්තා විතරක්ම මදි, රාජ්‍ය මුදල් අවභාවිතයට උපරිම දඬුවම් නියම වියයුතුයි. මේවා ගැලරිය පිනවන කතා කියල "හොරකම, වංචාව, දුෂණයට" සුදු හුණු ගාන රටේ අතලොස්සක්ට හිතහදා ගන්න පුළුවනි