
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවි කරන සියලුම ආයතනවල ඉන්ධන මිල එකම අගයකට පත්නොකළ හොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
ඉදිරි ඉන්ධන මිල සංශෝධනයකදී සියලුම ආයතන එකම මිලක් යටතේ හෝ තරගකාරිත්වය අනුව සුළු වෙනසක් යටතේ ඉන්ධන අළෙවි කිරීමට පරිසරය සකස් නොකළ හොත් සංගමයක් ලෙස පියවර ගන්නා බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා යොමු කළ ලිපියේ සඳහන් වේ.
ඛනිජ තෙල් බෙදාහැරීමේ ආයතන නියාමනය කිරීමට නියාමන ආයතනයක් පිහිටුවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූ බවත් හැකි ඉක්මණින් එම නියාමන ආයතනය පිහිටුවිය යුතු බවත් ෂෙල්ටන් ප්‍රනාන්දු එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ශෝක්, එතකොට වැඩිකරන කොට ඔක්කොම එකට එකතුවෙලා එක විදිහට වැඩි කරනවද? කෝ අර ඒ දවස්වල බණ කියපු බයියෝ? සමාගම් ගොඩක් අවහම තරඟකාරිත්වය නිසා අඩුමිලට ඉන්ධන ලැබෙයි කියපු...
පාරිභෝගිකයෝ හැටියට අපිට ඕනේ සපයන්නන් අතර තරගයක්... කවුද ලාබෙට තෙල් දෙන්නේ? අපි ගන්නේ එතැනින්. එහෙම නැතිව එකම මිලට තෙල් ගන්න සමාගම් 5ක් මොකටද?
ඔයාලාට මොකක්ද අවුල...? මට තේරෙන්නේ නෑ...
හැමෝටම ඔනවිදියට රටවල් කරන්න බැහැ... රජයට සහ මහපුටුවට පුළුවන් වෙන්න ඕනේ ඉඹින්න... බැරී නම් අතකපලා දන්න, ඒහෙම නැතුව රටවල් කරන්න වෙන්නේ නෑ...