
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවත් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය.
රාජ්‍ය සංස්ථාවල සේවකයන්ට පාරිතෝෂික නොවන ලෙස මහා බන්ඩාගාරයෙන් මේ දක්වා කිසිඳු චක්‍රලේකනයක් නිකුත් කර නොමැති බව පවසන බන්දුල සමන් කුමාර මහතා වසර තුනක සේවක සමුහික ගිවිසුම් අස්සන් කර තිබෙන නිසා නිත්‍යානුකූල ප්‍රශ්නයක් නොමැති බව ද සඳහන් කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ‘කොවිඩ්’ සමයේ ද අඛණ්ඩව සේවය කළ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාධාවක් නෑ ?ඔව් ඔව් රටටම මහා දැවැන්ත බරක් වගේම ආර්ථික විනාශ කාරයෙක් උන පෙට්‍රෝලියම් එකට තවත් බෝනස්.මිනිහෝ දැනගනින් බෝනස් දෙන්නේ ප්‍රොෆිට් කරපු ආයතන වලට.බිලියන ගණන් පාඩුවක් ලබපු රටටම බරක් උන ඔහෙලට බෝනස් නෙමෙයි තියන පඩිත් කපන්න ඕනි.ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු උනත් අපි මෙහෙ ගන්නේ ගිනි ගණන් දීලා.මේ ආයතන බංකොලොත් වෙන්න මේ වෘර්තීය සමිති සහ සේවකයෝ වගකිව යුතුයි
බුද්දික හොඳට කිව්වා. පෙට්‍රෝලියම් එකේ වැඩ කරන උන්ගේ ළමයි පාසල් ආවම කියන්න ඔයාගේ තාත්තා වැඩ කරන්නේ රටට බරක් උන තැනක කියලා.හැම පාඩු ලබන තැනකම මිනිස්සුන්ට පබ්ලික් එකේදී කියන්න ඕනේ අපි ඔය වගේ කතා. නැත්නම් හැමදාම මුන් හොරා කකා පාගා ගහ ගහ ,පාඩු ලබමින් පම්පෝරි ගහනවා .අපි සමාජයේ එහෙම මතයක් හදන්න ඕනේ.කොහෙද වැඩ? ශ්‍රීලන්කන් එකේ .අපෝ රටට බරක්නේ ඔයා වැඩ කරන තැන
මුන්ට එලව එලවා තඩි බාන්නයි තියෙන්නේ
නිකන් සරලව බලන්න.. ඉන්දියාවේ ඛනිජතෙල් නෑ මා දන්නා තරමින්.... ඒත් ලංකා IOC එක පිටින් අපේ රටට තෙල් ගෙනත් cpc මිලටම විකුණලා ගියා. ගිය වසරේ ප්‍රොෆිට් එක බිලියන කීපයක් වුණා. එහෙව් රටක cpc එක කොහොමද රටටම මහා බරක් වුණේ? නාස්තිය, වංචාව, දූෂණය, අධික සේවක පිරිස සහ ඒ මිනිස්සු වැඩ නොකර මාස් පතා ලක්ෂ ගණන් පඩි ගැනීම, ඕටී ගැනීම.. ඒ එක්කම හැම දේකටම ඉස්සරහට පනින සමිතිකාරයින්...
මේ අයගේ කටවල් ඇරෙන්නේ අයිතිවාසිකම් වලට විතරයි.
මේවට සේවකයන්ට දොස් තබන්නෙ ඇයි ? රජය විසින් පත්කල සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය සිටියදී? දුන්නම එපා කියන සේවකයො කොහේවත් නැතිව ඇති.
හොරු
මෙතන තියෙන ප්‍රශ්නේ නීතිය නෙවෙයි... සදාචාරාත්මක භාවය කියන එක මේ මනුස්සයාට තේරුම් ගන්න බැරි මොකද?
ඔහු කියූ දේ අහන්න. ඔවුන් නීත්‍යානුකූලව බෝනසුත් දීලා තියෙන්නේ 2023 අවසාන වෙනකන්ම..
රජයේ සංස්ථා සමාගම් වල පාලකයෝ සහ වෘර්තිය සමිති එකතුවෙලා බොරු නාටක පෙන්වමින් අපේ බදු සල්ලි හොරකම් කරනවා.වහාම මෙම සංස්ථා විනිවද භාවයකින් යුතුව ටෙන්ඩර් කැඳවා පුද්ගලික අංශයට බදු දීමක් හෝ විකිණීමක් කරන්න.තව දුරටත් අපට මේ බදු බර උහුලන්න බැහැ .රටේ මිනිස්සු ජීව්ටැහැ වෙන්නේ හාමතේ
ආ බොල උඹලාට බෝනස් දෙන්නද අපිට තෙල් මිල වැඩිකළේ? උඹලාට කොරන්න බැරිනම් දාලා පලයල්ලා. ඇමරිකාවටම ඔවුන්ගෙන් ගත්ත තෙල් බිස්නස් එක බාර දෙමු. ඒගොල්ලන්ගෙන් උඹලාට බෝනස් ලැබෙන්නේ නැහැ. ඇමරිකන් ක්‍රමය Hire and Fire.