
(රෝෂන් තුෂාර)
පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දෙවියන්ගේ මැණික් හා රත්තරන් සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි පවසමින් පුද්ගලයින්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
එල්ටීටීඊ යුද සමයේදී සොයා ගන්නා ලද පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දේව ප්‍රතිමාව 2016 වසරේදි යාපනයේ සිට දකුණට ගෙන විත් වලදමා තිබෙනවා යැයි පවසමින් වීඩියෝ සහිත වඩා පින්තූර වට්ස් ඇප් මගින් යවමින් මුදල් වංචා කිරීමට තැත් කළ කෑගල්ලේ පදිංචි ජයන්ත බණ්ඩාර අතුකොරල සහ තලවතුගොඩ සුදුහකුරුගේ ලයනල් රණවීර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
පැමිණිලිකාර සුනිල් වටගල මහතා රහස් පොලීසියට ඉදිරිපත් කරන ලද වීඩියෝ පටයේ සඳහන් ආකාරයට පළවෙනි සැකකරු වටගල මහතාගේ නම සම්බන්ධ කරමින් පුරාවස්තුව විකුණා මුදල් රැස් කිරීමට තැත් කර ඇති බවත් , සැකකරු විසින් එසේ තවත් පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පළමු වෙනි සැකකරුගේ අනාවරණය කර ගත් තොරතුරු අනුව දෙවැනි සැකකරු එම පිළිමය විකිණීමට ගැනුම්කරුවකු සොයා දී සහාය සලසන්නා ලෙස කටයුතු කර ඇති බවද කරුණු ඉදිරිපත් කර ඇත.
ඇමතිවරයකුගේ නම විකුණා මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් පුරාවස්තු පනත යටතේ වරදක් සිදු කර ඇත යන්ට පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ගනුදෙනුවේදී වටගල මහතාගේ නම සඳහන් කරමින්, මෙම ගනුදෙනුවෙන් මුදල් කොටසක් වටගල මහතාට ලබාදිය යුතු බවට සඳහන් වීඩියෝ පටය නඩු භාණ්ඩ යක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd