(බිමල් ජයසිංහ බන්ඩාරගම )

අවදිමත් ලෙස කැලි කසළ බැහැර කර පරිසරය අපවිත්‍රකර ඩෙංගු රෝග ව්‍යාප්තියට ඉඩ සලසන පුද්ගලයන් නිශ්චිත ලෙස හඳුනාගෙන නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් කැස්බෑව නගර සභාව මගින් පසුගියදා ආරම්භ කෙරිණි.

කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ මහතාගේ අදහසක් අනුව දිවයිනේ පළාත් පාලන ආයතනයක් මගින් ප්‍රථම වරට ක්‍රියාත්මක එම වැඩ පිළිවෙළ සඳහා ෆෝ - ජි කැමරා තාක්ෂණය ඒ සඳහා යොදා ගන්නා අතර එහි පටිගත වන දර්ශන පරිගණක තිරයක් හරහා ප්‍රධාන කාර්යාලයේ සිට නිරීක්ෂණය කිරීමේ හැකියාවක්ද එමගින් සලසා ඇත.

කැලි කසල තැන තැන නොදමන ලෙස කැස්බෑව නගර සභාව ,පොලිසිය සහ සෞඛ්‍ය අංශ සමග විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දැනුම් වත්කළද ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් නොවෙනස්වීම හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බව සභාපතිවරයා කීය,