පාකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරායට ගෙන්වූ  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමත් සමග ඒවා ගෙන් වූ බවට සැකකරන දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු   අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

රෙදි පිළි ගෙන්වන මුවාවෙන් අයිස් තොගය ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වා ඇති බව පොලිසිය පවසයි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත  ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාට ලද තොරතුරක් මත මෙම අයිස් තොගය සොයාගෙන ඇත.