(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ අද පෙරවරුවේ දුම්රියක් පීලිපැනීම නිසා තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹින් පිටතට යන මගීන් විකල්ප ප්‍රවාහන භාවිතා කළ යුතු බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී කොළඹට ඇතුළු වන දුම්රියවලට ප්‍රමුඛතාව දෙන බව ද පොල්වත්තගේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම තත්වය හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කීපයක් අවලංගු කර ඇති අතර ධාවනය වන දුම්රිය ද බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොළඹින් පිටතට යන මගීන් දුම්රියට එන්න එපා
Nimal Wednesday, 27 September 2023 01:50 PM
අවුලක් නෑ .2050 වෙද්දී දියුණු වෙනවානේ .එතකම් ඉවසලා ඉමු
wedage Wednesday, 27 September 2023 02:23 PM
මේක පුදුම වැඩක්නේ මහජනයා කොළඹින් පිටතට යන්න තමයි අද ඉන්නේ .ඒක නිසා ප්‍රමුකත්වය දෙන්න ඕන කොළඹින් පිටට යන දුම්රිය වලට
Nihal Wednesday, 27 September 2023 02:43 PM
යුරෝපයේ කිසිම රටක කිසිදාක පීලි පනින්නේ නෑ, ඌඅපේ සෑම සතියකම මෙහෙම වෙන්නේ ඇයි?දන්න කෙනෙක් කියන්න
JanaFriday, 29 September 2023 10:46 PM
යුරෝපයේ දුම්රිය පීලිවල නෙවෙයි යන්නේ. ඒවා යන්නේ මැග්නෙටික් ෆීල්ඩ්වල..!