(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ අද පෙරවරුවේ දුම්රියක් පීලිපැනීම නිසා තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹින් පිටතට යන මගීන් විකල්ප ප්‍රවාහන භාවිතා කළ යුතු බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී කොළඹට ඇතුළු වන දුම්රියවලට ප්‍රමුඛතාව දෙන බව ද පොල්වත්තගේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම තත්වය හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කීපයක් අවලංගු කර ඇති අතර ධාවනය වන දුම්රිය ද බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ .2050 වෙද්දී දියුණු වෙනවානේ .එතකම් ඉවසලා ඉමු
මේක පුදුම වැඩක්නේ මහජනයා කොළඹින් පිටතට යන්න තමයි අද ඉන්නේ .ඒක නිසා ප්‍රමුකත්වය දෙන්න ඕන කොළඹින් පිටට යන දුම්රිය වලට
යුරෝපයේ කිසිම රටක කිසිදාක පීලි පනින්නේ නෑ, ඌඅපේ සෑම සතියකම මෙහෙම වෙන්නේ ඇයි?දන්න කෙනෙක් කියන්න