IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹට කිරි හක්මනට කැකිරි

( යසන්ත ආරියසේන‍)

හක්මන බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහලේ වහලය අබලන් වීමෙන් වැසි දිනවලදී කුඩ ඉහලාගෙන දරුවන්ට ඉගෙන ගැනීමට සිදුව තිබේ.

බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර  දරුවන් පන්සියයකට වැඩි පිරිසක් ඉගෙනුම ලබති.

 වැසි දිනවලදි පාසල් භූමිය සම්පුර්ණයෙන් ජලයෙන් යට වන අතර එක් ගොඩනැගිල්ලක වහලය අබලන් වීම හේතුවෙන්  එහි ඇති පන්ති කාමර වැසි දිනවලට තෙමේ. මෙය දරුවන්ගේ  ඉගෙනීම් කටයුතු වලට දැඩි බාධාවක් වී ඇතැයි දෙමව්පියෝ පෙන්වා දෙත

පරිත්‍යාගශිලියකු පාසල ඉදිරිපිට ඇති ඉඩමේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරමින් පැවැති අතර පසුගිය වසරේ අරගලකරුවන් එම ස්ථානයට ද ගොස් උද්ඝෝෂණ කිරීම හේතුවෙන් එදින සිට එහි ඉදිකිරිම් කටයුතු අතරමග ඇනහිට ඇතැයි කියති.

මෙම ගැටළුව පිළිබදව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්  කළ විමසුමට ඒ මහතා  මෙලෙස පැවසීය.

‘වැසි දිනවලදි පන්ති කාමර තෙමෙන බවට මට වාර්තා වුනා.ගැටළුව පිළිබදව දකුණු පලාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්වත් කළ අතර නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරනු ලබන පරිත්‍යාගශිලින් සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කර තියෙනවාග යැයි පැවසීය.

 



අදහස් (1)

කොළඹට කිරි හක්මනට කැකිරි

වික්‍රමසිංහ Friday, 08 September 2023 05:40 PM

හක්මන කියන්නේ අපේ සභාපතිතුමා පාර්ලිමේන්තුවේ අසුන් ගැන්නූ ආසනය නෙවෙයිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site