IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි

(රෝෂන් තුෂාර)

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින්  ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) ප්‍රතික්ෂේප කළේය.

මහජන පීඩාවක් හෝ අනර්ථයක් සිදුවන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක විය යුතු බවත් ඊට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.

වෛද්‍ය පීඨයේ සිසුන් 250කට අධික පිරිසක් ලිප්ටන් වටරවුම හා ඊට ආසන්න තදාසන්න ප්‍රදේශවල විරෝධතාවයක් සංවිධානය කර ඇති බවත්,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලිසිය කරුණු දැක්වීය.

කුරුඳුවත්ත පොලිසියේ පාලන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම් තිලක් කුමාර මහතා සහ පොලිස් සැරයෙන් රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය.

උද්ඝෝෂණය අද සවස තුනට ආරම්භ වන බවත් මෙමගින් සිදුවන මහජන පීඩා අවම කර ගැනීම සඳහා තහනම් නියෝගයක් වෛද්‍ය පීඨයේ සභාපති ඇතුළු පිරිසට නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග නිකුත් කළේය. 



අදහස් (2)

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි

Chandana Friday, 26 April 2024 03:45 PM

ආයෙත් ආයෙත්, නාඩගම එන්න හදන්නේ...!

:       5       8

Lalla Saturday, 27 April 2024 09:31 AM

රාජ්‍ය විශ්ව විද්‍යාලවල පිනට දෙන දේ විදේශිකයන්ට යහපතට මිස අපේ රටට නොවන බව පැහැදිලියි.උසස් අධ්‍යාපනය නොමිලේ දීම නවත්තන්න කාලය ඇවිත්.පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම යහපත් දෙයක්...

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

රණවිරු සැමරුම් කොඩිය ජනපතිට
2024 මැයි මස 06 7 0

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


අ‘පුර විරෝධතාකරුවන්ට ඇප
2024 මැයි මස 06 3 0

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගු


බ්‍රිතාන්‍යයේ ඉන්දු පැසිපික් අධ්‍යක්ෂ අනුර හමුවෙයි
2024 මැයි මස 06 48 0

බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිස


පාතාලයකුගේ ගෝලයෝ ව්‍යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා
2024 මැයි මස 06 38 0

සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල


’’බන්ඩි’’ගන්න සල්ලි හෙට සිට
2024 මැයි මස 06 61 0

යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1971 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1730 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site