
(යොහාන් භාසුර)
කොළඹ වරාය තුළ නැවතත් බහාලුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (25) පැවසීය.
සනත් මංජුල මහතා අද (25) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගියදා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කරදී තිබුණ ද මේ වන තෙක් එම භූමියට එකඳු රථයක් ඇතුළත් කර නොමැති බවත් මංජු මහතා කීය.
එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ද කී ඒ මහතා බහලුම් තදබදයක් නැවතත් ඇතිවුවහොත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට යඋමේ අවධානමක් ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම්වල තිබීම නිසා එවා කල්ඉකුත්වීමේ අවදානයමක් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවෙනි එකට කොහොමත් අච්චුවෙන බව දන්නවනේ. ඒ නිසා තව ගේමක් ගහලා දඬුවම් කාලය එකටම ගෙවා ගන්නවා කියලා හිතනවා ඇති.
තව කන්ටේනර් ටිකක් ඇති පරීක්ෂා නොකර නිදහස් කරන්න.
ආණ්ඩුවේ ගේම් නේ? රු දහස් ගනන් ලක්ශ ගනන් වලට අවුරුදු විසිගනන් හිරේ යවන අධිකරණයක් ඇති රටේ වරායේ දිනකට රු.මිලියන ගනනින් වන පාඩු වලට බිමල් රත්නායක මහත්තයා හිරේ යයිද?