(ඉන්දිකා රාමනායක)
පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී සහ තලංගම පොලිස් වසමේ පැලවත්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ , ලහිරු වීරසේකර , ජගත් මනුවර්ණ , ජෙහාන් අප්පුහාමි , රතිදු සේනාරත්න (රැට්ටා) ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .
හඳුනාගත් මෙම පිරිස සම්බන්ධයෙන් කොටුව සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට පොලිසිය බි වාර්තාවකින් කරුණු වාර්තා කර ඇත
ඉකුත් 9 -10 යන දින මොවුන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , පහරදී තුවාල සිදුකිරිම පොදු දේපල පනත යටතේ වැරදි කිරීම , මංමවත් පනත යටතේ වැරදි සිදුකිරීම , අනර්ථය කිරීම , යන වැරදි මොවුන් සිදුකර ඇති බව කර ඇති බවට පොලීසිය අධිකරණය කරුණු වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන හාදයින් කුලියට කෑ ගහන එක එකාගේ අතකොලු. දැන් ඔහොම වුණාට පස්සේ ධනවාදී පක්ෂවල තනතුරු වලටත් එන්නේ මේ අයම තමයි...
මේක පුදුම නීතියක්, 9 වෙනිදා හදිසි නීතිය තිබියදී අරලිය ගහ මන්දිරයේ අයුතු ජනරාෂියක් පවත්වලා, ගෝල්ෆේස් අර්ගල කරුවන්ට පහර දීමට පෙළඹවපු පොහොට්ටු ලොක්කන්ට නඩුත් නැහැ, උසාවි නියෝගත් නැහැ.
ඔය කඩාකප්පල්කාරයින් ටික අච්චු කළාට පස්සේ ඔවුන්ගේ සහචරයින් රට ගිනි තියන්න පටන් ගනියි. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න...
ඔය ගෝල්ෆේස් සැණකෙළියේ ඉන්න අයවත් අරන් ගිහින් මිරිස් පැලේ පැලේ හරි හිටවගන්න...
අරගල කරනවා කියලා පාරවල් වහනවා. අහිංසක මනුස්සයෙක්ට රස්සාවට යන්න විදිහක් නෑ. දවස් ගණන් පෝලිම්වල ඉඳලා ගහගන්න තෙල් ටික නිකම් පිච්චෙනවා.. මේ අය කොහොමද අරගල කාරයින් වෙන්නේ? ජේ. වී. පී. ත්‍රස්ථවාදියෝ.. ඔවුන්ට ප්‍රශ්නයක් නෑ.. NGO සල්ලි ටික වෙලාවට පොතට වැටෙනවානේ....