(සුජිත් හේවාජුලිගේ)

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු හෙට සිට සතියක කාලයක් සඳහා  මාර්ගගතව පැවැත්වීමට තීරණය කර අැත

ඩෙංගු ව්‍යාප්තය   හමුවේ සිසුන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව එහි උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසුවේය

විශ්වවිද්‍යාලය වසා නොදමන බවත් සියලු කාර්යය මණ්ඩලය සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළයුතු බවත් , උප කුලපතිවරයා සඳහන් කළේය.

සියලු නේවාසිකාගාර ද විවෘතව තැබෙන බව, කරුණාතිලක පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය, නීති පීඨය, අධ්‍යාපන පීඨය සහ කළමනාකරණ පීඨ යන පීඨවල   අධ්‍යයන කටයුතුද    මාර්ගගතව සිදු කිරිමට තීරණය  මුලින් තීරණය කෙරිණ