
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති සංසද රැස්වීමේදී,පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ නාම යෝජනා ලැයිස්තුවල මෙන්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතර ද අවම වශයෙන් 33%ක කාන්තා නියෝජනයක් තහවුරු වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව සංසදයේ අවධානය යොමු විය.
මෙම යෝජනා ඉදිරියට ගෙනයාම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd