(සුජිත් හේවාජුලිගේ)
කොළඹ නගර සීමාවේ ඉදිකිරිම් වැඩබිම්වල ඉන්දියානුවන් 2750 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත .
කොළඹ නගර සීමාවේ එවැනි වැඩබිම් අනූ එකක් පවතින බවත් ඉන් හතළිස් දෙකක් මහා පරිමාණ ඒවා බවත් සෞඛ්‍ය අංශ පවසයි .
මේ අතර කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉදිකිරීම් වැඩ බිමකින් ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදිතවූ සේවකයෝ තිදෙනෙක් මෙයට දින කිහිපයකට පෙර දී සොයා ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔයිටත් වඩා ඉන්නවා. කොරෝනාවලට මුවා වෙලා අපේ කර්මාන්ත වහනවා කොරෝනා හැදිලා කියලා.. සමහරු දවස් 14ක් නිවාස අඩස්සියේ තියනවා. ඉතින් කවුද වැඩ කරන්නේ.. ? පිටරටවල් ඔක්කොම වැඩ... අපි නිකන් බලාගෙන ඉන්නවා නැවෙන් එනකල්. ඒක තමයි සුද්දා කිව්වේ සිංහලයා මෝඩයා, නිකන් කන්න මෝඩයා කියලා...
අද වෙනකොට ඉතාම ප්‍රයෝජනවත් සේවාවක් බවට පත්වෙලා තියෙන සුවසැරිය පටන් ගන්නකොට " ඕකෙන් වෙන්නේ ඉන්දියාවේ මිනිස්සු මෙහෙ ඇවිත් සේරම රස්සාවල් අල්ලා ගන්න එක විතරයි" කියල කැගහපු සංගම් කාරයෝ කොහෙද දන්නේ න නේද ?
පුදුම වෙන්නම දෙයක් නෑ. රාජපක්ෂලාට මෝඩි ඇමරිකන් ඩොලර් මිලියන් සිය දාස් ගණන් දෙන්නේ ඕවා කරගන්න තමයි. ඔය එන කිසිම එකෙක් ආපහු යන්නේ නෑ. උන් යනවද කියලා බලන්නවත් නිලධාරීන්ට අවසර දෙන එකක් නෑ. මොවුන්ගේ අරමුණ ජන ප්‍රතිශතය වෙනස් කිරීමයි. සිංහලයන් වඳ කිරීමයි. එතකොටයි ඔවුන්ට රිසිසේ අපේ මව්බිමේ සම්පත් කොල්ලකන්න පුළුවන් වෙන්නේ. මේ මහා අපරාධයට පාලකයින් වගකිව යුතුයි...
මේ මිනිස්සුන්ට වීසා තියෙනවද...? ළඟදීම රුපියල් 10 ට කොන්ඩේ කපන්නත් ඉන්දියන් බාබර්ලා එනවා කියන්නේ ඇත්තද..?
ලංකාව ඒ් තරමටම සල්ලි තියෙන රටක් නේද
වැඩට සිංහල මිනිස්සු හොයා ගන්න නැහැ.