(යොහාන් භාසුර)
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීමට තීරණය කළ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසීය.
වන අලින් මුහුණදෙන අනතුරු වළක්වා ගැනීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී ඊයේ (22) පැවැති සාකච්ඡාවෙන් පසුව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා එසේ පැවසීය.
අලින්ට මාර්ගය හොදින් දිස්වන ලෙස එම මාර්ගයේ අඩි 15-20 ක් දෙපැත්ත හොදින් සුද්ධ කිරීමට තීරණය කළ බවත් එම මාර්ග කොටසේ පිහිටීම අනුව අලින්ට මාර්ග දුම්රිය ක්ක්‍ෂණිකව දිස්නොවීම ගැටලුවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය සරත් මහතා කීය.
ඒ අනුව මාර්ගයේ පිහිටීම වෙනස් කරන්න සාකච්ඡා කළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා සූර්ය පැනල පාවිච්චි කරලා මාර්ගය ආලෝකමත් කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
මුරපොළවල් පිහිටුවීම, කවුඩුල්ල සහ මින්නේරිය අතර අලින්ට මාරුවීමට අලි කොරිඩෝ ඉදිරිකිීම ආදි විසඳුම් රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවත් තව ද දුම්රියේ වේගය පිළිබඳව මෙහිදී දැඩි අවදානය යොමුකළ බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කවුඩුල්ල රක්ෂිතයේ සිට මඩකලපුව -කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී පසුගිය 20 වැනිදා වූ අනතුරෙන් වන අලි හතක් මරණයට පත්වූහ.
මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි රංචුවක් මියයෑම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ සෙසු බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේ තවත් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා බලධාරීන් විශේෂ දුම්රියකින් අදාල මාර්ග ප්‍රදේශය නිරීක්‍ෂණය කළහ.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි
Nandalal de Silva - France Sunday, 23 February 2025 03:42 PM
වන අලින් පැමිණ ඔය සූර්ය පැනල කඩා විනාශ කිරීමට ප්‍රථම, ඔය පළාතේ ඉන්නා හොර රංචු, කළුකඩ බිස්නස් කාරයින් පැනලා ගලවා විකුණා දමන්න පුළුවන්. "නටපු තොවිලයකුත් නැත, බෙරේ පලුවකුත් නැත" කියන්න වෙන්නේ එතකොට තමයි !!! වන අලින්ටත්, දුම්රියටත් එතකොට අබ සරණයි...!!!
RishadSunday, 23 February 2025 04:13 PM
යේක හොඳ තමා... කදුරුවෙල යප්පිගේ ගෙදරට සෝලා පැනල් දාගන්න පුළුවන් ටික දවසකින්...!
Nilantha Sunday, 23 February 2025 05:22 PM
කුරා කූඹියෙකුටවත් පාඩුවක් වෙන්නේ නැත්නම් ලංකාවේ තියෙන අධිවේගී මාර්ගවලත් සූර්‍ය බලශක්ති නිපදවීම් කට්ටල සවිකරාවි කියලා හිතෙනවා..
Ro Sunday, 23 February 2025 09:06 PM
මිනගයා දුම්රියේ අලි ගැටුණු දවසේ දුම්රිය රියදුරු ලෙස සේවය කර ඇත්තේ නුසුදුසු පුද්ගලයෙක් කියා දැනගන්න ලැබුණා.
සෙනෙවිරත්න Sunday, 23 February 2025 09:58 PM
මෙතන දාන කමන්ට් බැලුවම ලංකාව මෙහෙමවත් තියෙන එක පුදුමයි. , හොරලවනවා කියල මේ කරන එක එපා කියන උන්ට බැරිද රේල් පාරෙ අලි එලවන්න.