
(සුමිත් පොතුපිටිය)
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව කළුතර දුම්රිය බලධාරියෙක් පැවසීය.
අංක 716 දරණ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වන මන්දගාමී දුම්රිය මෙසේ පීලි පැන ඇති බව සඳහන්වේ.
දුම්රිය ගමන් මාර්ග දෙකෙහි පීලි සම්බන්ධ වෙන point එක මතදී දුම්රිය පීලි පැනීම සිදුව ඇති අතර, මේ හේතුවෙන් මරදාන බෙලිඅත්ත සහ බෙලිඅත්ත සිට මරදාන බලා දුම්රිය ධාවනය වන දුම්රිය ගමන් මාර්ග දෙකම මුළුමනින්ම අවහිර වී ඇති අයුරු දැකගත හැකි විය.
එම දුම්රිය දකුණු කළුතර දක්වා ගමන් කොට නැවත පෙරවරු 7.20 ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව ඇති බවද දුම්රිය බලධාරීන් සඳහන් කළේය.
දුම්රිය මූලස්ථානයට පිළිගැනීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්, අලුත් වැඩියා සිදුකරනු ලබන කාර්මික සේවකයින් ලඟා වෙමින් පවතින බවත් වාර්තා වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨයි, මේ දිනවල බස් ධාවනයත් නිසි ආකාරව සිදු නොවන හෙයින් මගීන් වැඩි වශයෙන් දුම්රිය පිළිබඳව විශ්වාසය තබයි. දැන් ඒකත් සුනේ සුන්. අවුරුදු සමයේදීවත් නිසියාකාර දුම්රිය සේවයක් පවත්වාගන්න බැරි ඇමැතියගේ වැඩ මේවා.
S13,පීලී පනිනවා වැඩියි. පසුගිය මාස කීපයේදී S 13 පීලී පැන්න වාර අනන්තය