
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගොවිතැන් කටයුතු සදහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ගොවිහු පිරිසක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ රත්මලවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (28) දා විරෝධයක නිරත වුහ.
බලංගොඩ රත්මලවින්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ඉදිරිපිට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
ගොවිතැන් කටයුතු සදහා පොහොර ලබා ගැනිම ඔවුන් රත්මලවින්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය පැමිණි තිබුණි.
එහි පොහොර නොමැති බවට නිළධාරින් පැවැසිමත් සමග පොහොර ලබා දෙන ලෙස බළධාරින්ට බල කරමින් ඔවුන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුහ. එම ස්ථානයට පැමිණි බලංගොඩ පොලිසියේ නිළධාරින් ඔවුන් මාර්ගයෙන් ඉවත් කිරිම සදහා කටයුතු කල අතර පසුව එක් මංතිරුවක් අවහිර කරමින් විරෝධතාවය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මගේ සහෝදරයා මහින්ද රාජපක්ෂ කිව්වා, ඔ "දුප්පත් ගොවීන්ට නොමිලේ පොහොර ටික දෙන්නයි කියල. මේක අද නොවේ, 2019 පොහොට්ටුවේ ජනාධිපතිවරණ රැස්වීම්වලදී දීපු පොරුන්දුවලින් එකක්. තවද විමල්ගේ නොමිලේ දෙන බව කියපු අර ලැයිස්තිවත් නැවත අහන්න ආසයි. මතක් කිරීම පිණිස.
පොහොර සහ කෘෂි රසායන බෙදාහරින මාධ්‍ය ජාලයක්ද මෙම විරෝධයට උදව් කරන්නේ..?
බුරුතුපිටින් ගිහින් පොහොට්ටුවට ඡන්දය දුන්නේ මේ දේ කරගන්නද?
ඔය උද්ඝෝෂණ කර කර ඉන්න වෙලාවෙ ගම පුරා ඇවිදල ගොම ටිකක් එකතු කරගත්ත නම් නරකද. ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් පොහොර ලැබෙන්නේ නැත.නැවත සරල ජීවිතයට යන්න.