(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
ස්ථාන හතරකින් ගස් කඩා වැටී අවහිරවී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර කොටස ගස් කපා ඉවත් කර අද 24 සවස යළි විවෘත කළ බව දියතලාව පොලීසිය පැවසීය.
අද අලුයම පැවති සුළං සහ වර්ෂාව සමඟ මෙම මාර්ගයේ දෙපස ඉවුරු වල පස් කන්ඩි මත තිබූ අඩි සියයකට වඩා උස දැවැන්ත කරපන්ටයින් ගස් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.
ගස් කීපයක් එකම ස්ථානයකදී ඇදවැටී තිබූ අයුරු ද දක්නට ලැබුණි.
දියතලාව යුධ හමුදාව හපුතලේ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,හපුතලේ විශේෂ කාර්ය බළකාය ,දැව සංස්ථාව , ප්‍රදේශවාසීහු දියතලාව පොලීසිය හා එක්ව පැය හතක පමණ මෙහෙයුමකින් පසුව මාර්ගය විවෘත කර ගැනීමට හැකි වූ බව දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම මාර්ග කොටසේ මාර්ගය දෙසට ඇලවී කඩාවැටීමට ආසන්නයේ තිබෙන තවත් ගස් රැසක් තිබෙන බැවින් එම මාර්ගය භාවිතා කිරීම අනතුරුදායක තත්ත්වයක පවතින බව රියදුරෝ ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ - බදුල්ල පාර යථා තත්වයට