(මනෝප්‍රිය ගුණසේකර)
විවිධ මත්ද්‍රව්‍යයන් ගබඩා කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පුද්ගලිකවම පරීක්‍ෂාවට ලක් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් ‘හෙරොයින්’ කිලෝ 12 ක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳ අවදානය යොමු කිරීමෙන් අනතුරුව නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා එලෙස පියවර ගත්තේය.
විවිධ පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්, කන්සා, අයිස්, විදේශීය මත්පැන්, නීති විරෝධී දුම්වැටි, රත්ත්‍රන් ඇතුළු විවිධ භාණ්ඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ කාමරයේ ගබඩා කර ඇත.
එම කාමරයේ ගබඩා කර ඇති භාණ්ඩවල සහ ඒවාට අදාල නඩුවල ලේඛණයක් සකස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට සහ භාණ්ඩ කාමරය භාර නිලධාරිනියට නියෝග කර ඇති අතර ඔවුන් එක්ව එම ලේඛණය සකස් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෞද්ගලිකවම නඩු භාණ්ඩ කාමරය පරීක්‍ෂාවට ලක් කළේය.
ඉන් අනතුරුව එහි ඇති අනිකුත් භාණ්ඩ පිළිබඳව ද තොරතුරු ලේඛණයක් සකස් කිරීමට නිලධාරීන් පත්කළ මහේස්ත්‍රාත්වරයා මේ ආකාරයටම නඩු භාණ්ඩ කාමර පරීක්‍ෂා කර ඒවායේ ඇති භාණ්ඩ පිළිබඳ ලේඛණ සකස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අතිරේක මහේස්ත්‍රාත්වරුන්ට ද නියම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නඩු බඩු ගබඩාව පිරික්සයි
Rata Perata Tuesday, 03 September 2024 09:49 PM
අලි හොරකමට නම ගෑවිච්ච කෙනෙක් ගබඩා පරීක්ෂා කරනවා .මේක නම් පිස්සු ලන්තයක් ම තමයි
Jay P Tuesday, 03 September 2024 10:08 PM
ඇයි මහේස්ත්‍රාත්වරයා මේ වගේ වැඩ කරන්න ඕන. මෙවැනි කාරණා හැසිරවීමට උසාවියේ ඉහළ පෙළේ පරිපාලකයින් නැද්ද? මෙය සම්පූර්ණයෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ වගකීමකි.