
(යොහාන් භාසුර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කොළඹ සහ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18 ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යංශය, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දියර, ආරක්‍ෂක ලේකම් නිල නිවස සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස (එම ප්‍රදේශය තුළ පිහිටි තානාපති මුක්තිය හිමි ස්ථාන හැර) සහ ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කර තිබේ.
මෙම ගැසට් නිවේදනයත් සමඟ කොළඹ නගරයේ විශාල ප්‍රදේශයක් අධි ආරක්‍ෂිත කාලාපයක් බවට පත්කිරීමේ කැපී පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Please make whole country as high security zone.
අන්තර මල්ලිලාට, ස්ටාලින් ගේ ගුරු සංගමේට, දමිතා නිලියට, හිරුනිකාට, විරුද්ධ වීමම ජීවිකාව කර ගත් ජෙප්පන්ට ගෝටා මහතා එක්ක වගේ ලේසි වෙන්නේ නැහැ රනිල් මහත්තය එක්ක. පුළුවන් නම් ගිහින් අරගල කරන්න. නඩු කියන්න සුමන්තිරන් වත් එයිද ෂුවර් නෑ!
හෙට අනිද්දා කොළඹට ජන ගඟක් එනවා කියලා ආරංචිවෙලා හීන්දාඩිය දාලාවත්ද අප්පා? ඔහොම කොහොමද මන්දා රටක් කරවන්නේ...?
රජය හොඳටම බයවෙලා....!
මෙයින් ගම්‍ය වෙන්නේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධ මර්ධනය කිරීමයි...
So-called democratic President prefers to be a dictator !
රනිල්ට නම් හොඳටම පිස්සු.
ඔය මොන කලාප තිබුණත් ඕවා රැකෙන්න ඉස්සරවෙලා ජනතාව ජීවත් වෙන්න ඕනේ. රට විනාශ කරපු ඇත්තන් වක්‍රව හෝ සෘජුව ඔය සමහර ස්ථාන හොරකම් මෙහෙය වන ගුබ්බෑයම් බවට පත්කරන් ඉන්නේ තිත්ත ඇත්ත... ඒකයි...!
මම හිතන්නේ බත්තරමුල්ලේ විභාග දෙපාර්තමේන්තුව ආසන්න කලාපයත් ඔය ලැයිස්තුවට ඇතුළත් කළා නම් එයත් ඉතාම කාලෝචිතයි කියලා...
නරකද ලංකාවම අධි ආරක්ෂිත කලාපයක් කළා නම්..?.
මේ කිසිවක් කරන්න අවශ්‍ය නැහැ. රට පාලනය කරන්න බැරිනම් අයින් වෙන්න. බයියන් විතරක් ආරක්ෂා කරන්න ගියොත් වැඩේ මාට්ටු වෙන නිසා. මුලු නගරයක්. අධි ආරක්ෂිත කලාපයක් කරනවා. ඔවා බොරුවැඩ. මොවුන්ට වැඩිය හොඳ දැනුම තියෙන කට්ටිය. කිසිම දෙයක් නොදන්නා විදියට ඉන්නවා. ඕනෑ වෙලාවට වැඩේ කරයි. දැනුම තියෙන කෙනෙක් කොහොමද මෝඩ තීරණ ගන්නේ..? ගොබ්බයින් කියන විදියට නටන කෙනෙක්...!
මුළු රටම නිදහස් වෙළඳ කලාපයක් විය යුතුයි.