
(අංජුල මහික වීරරත්න)
ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5) පැවැත්විණි.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.
කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සදහා හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න කොමිසකුත් ඇති නේද?
මෙතුමා නිකන් වැඩ කරන්න කියලා තමා ප්‍රසිද්ධ
ඇයි එහෙම අපහාස කරන්නේ? මෙතුමාට කොමිස් ගත්තාට නෙවෙයිනේ දඬුවම් කලේ, කප්පම් ගත් නිසානේ?
බොහොම හොදයි රටෙ දේවල් විකුණගන කෑම.
විකුණලම දැම්මොත් හරිනෙ
එහෙම නැත්තම් ජෙප්පන්ට දෙමු සංවර්ධනය කරන්න කියලා...
ජෝර්ජියාවේ අය එහෙ හිඟාකනවා. මේ කප්පම් බඩා ගානක් තියාගෙන කාටහරි කමක් නැහැ.. මේ වටිනා බිල්ඩින් දීලා දාන්නයි මේ හදන්නේ.... අනිවාර්යයෙන්ම ඔවුන් ඔය ගොඩනැගිලිවල ගණිකා නිවාස පටන් ගනියි. ඒ හැර ජෝර්ජියන් කාරයින්ට කරන්න වෙන දෙයක් නැහැ. ඔවුන් අපි වගේම හිඟන හැත්තක්... රටේ තියෙන්නේ 1960 ගණන්වල හදපු කාර්. තවමත් අස්ස කරත්ත, බූරු කරත්ත තියෙනවා...
බදු කාලය සුපුරුදු 99ට දෙන්න එපා. ඊට හොඳයි විකුණලා දැම්මනං. ලෝක බැංකුවෙ බිල්ඩිමේ බද්ද අවුරුදු 99 යි. උන් ඒක ඇතුලේ ඕන වෙනස්කම් කරනවා. අවුරුද්දට කුලිය තුට්ටුවයි.