IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ පැරණි ගොඩනැගිලි ජෝර්ජියා ආයෝජකයන්ට

(අංජුල මහික වීරරත්න)

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන  සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5)  පැවැත්විණි.   

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ  ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති  හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.  

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සදහා හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (11)

කොළඹ පැරණි ගොඩනැගිලි ජෝර්ජියා ආයෝජකයන්ට

සමන් Monday, 05 June 2023 11:29 AM

ප්‍රසන්න කොමිසකුත් ඇති නේද?

:       4       39

Nandalal DE SILVA - FranceMonday, 05 June 2023 01:21 PM

ණැහැ, ණැහැ.. ප්‍රසන්නට විශාල කොමිසමක් ලැබෙන ව්‍යපෘතියක් !!!

:       2       17

Saman Monday, 05 June 2023 12:03 PM

මෙතුමා නිකන් වැඩ කරන්න කියලා තමා ප්‍රසිද්ධ

:       0       27

ලසන්ත Monday, 05 June 2023 01:29 PM

ඇයි එහෙම අපහාස කරන්නේ? මෙතුමාට කොමිස් ගත්තාට නෙවෙයිනේ දඬුවම් කලේ, කප්පම් ගත් නිසානේ?

:       2       20

උපාලි Monday, 05 June 2023 04:48 PM

ඇත්ත නේන්නම්..., මෙතුමා කප්පම්වලට මිසක් කොමිස් වලට ප්‍රසිද්ධ නෑනේ... ඔන්න ඒකටත් එක්ක අපේ නිමල්සිරි තුමා නම් ඕකට හරිම හපනා....

:       1       5

Dewa Monday, 05 June 2023 01:34 PM

බොහොම හොදයි රටෙ දේවල් විකුණගන කෑම.

:       3       4

fairoos Monday, 05 June 2023 02:34 PM

විකුණලම දැම්මොත් හරිනෙ

:       2       3

jayasri Monday, 05 June 2023 04:20 PM

එහෙම නැත්තම් ජෙප්පන්ට දෙමු සංවර්ධනය කරන්න කියලා...

:       2       3

rane bandara Monday, 05 June 2023 07:05 PM

ජෝර්ජියාවේ අය එහෙ හිඟාකනවා. මේ කප්පම් බඩා ගානක් තියාගෙන කාටහරි කමක් නැහැ.. මේ වටිනා බිල්ඩින් දීලා දාන්නයි මේ හදන්නේ.... අනිවාර්යයෙන්ම ඔවුන් ඔය ගොඩනැගිලිවල ගණිකා නිවාස පටන් ගනියි. ඒ හැර ජෝර්ජියන් කාරයින්ට කරන්න වෙන දෙයක් නැහැ. ඔවුන් අපි වගේම හිඟන හැත්තක්... රටේ තියෙන්නේ 1960 ගණන්වල හදපු කාර්. තවමත් අස්ස කරත්ත, බූරු කරත්ත තියෙනවා...

:       1       4

Walter H. whiteMonday, 05 June 2023 11:25 PM

එහෙනං ලප කොටාට කියල කියුබාවෙන් ආයෝජකයෝ ගෙන්නලා මොකක් හරි කොරා නං හොඳයි නේ?

:       0       0

Gaston Tuesday, 06 June 2023 06:57 AM

බදු කාලය සුපුරුදු 99ට දෙන්න එපා. ඊට හොඳයි විකුණලා දැම්මනං. ලෝක බැංකුවෙ බිල්ඩිමේ බද්ද අවුරුදු 99 යි. උන් ඒක ඇතුලේ ඕන වෙනස්කම් කරනවා. අවුරුද්දට කුලිය තුට්ටුවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site