
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය (කලම්බු ලෝ සොසයිටි) නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති සමාව සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිළිව සඳහන් කර ඇති බවත් අනාධිපතිවරයා අදාල බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රඥාවන්ත සහ විචාරශීලි බවත් එම සංගමය සඳහන් කර සිටී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සඳහන් නීති අනුගමනය කළේ ද යන්න දැන ගැනීමට ජනතාවට අයිතිය ඇති බව ද සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දැනගන්නයි අහන්නේ. නීතිඥ මහත්වරු හැමවිටම නිවැරදි හා සාධාරණ දෙය සොයාගෙනමද උසාවිවල කතා කරන්නේ?.
ඔය ජනාධිපති තනතුර ජේ.ආර්.ගේ කාලේ හැදුවේ ගැහැණියෙක්, පිරිමියෙක් කරන එක ඇරෙන්න වෙන ඕනම එකක් කරන්න බලතල ඇතුව නේද? අර එක කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය අරන් හීන් නූලෙන් විධායක බලය අල්ලන්න හදපු කාලෙ ඇරෙන්න අනික් හැමදාමත් ඒ සියලු බලතල තිබුනා නේද?
හිටපු ජනාධිපති, මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට ජනාධිපති සමාව දීලා ජොබ් එකකුත් දුන්නා. එදා ඔය සංගමයේ අය කොහෙද හිටියේ...?
නීතීඥයින් උසාවියේ කතාකරන එක නෙවෙයි ප්‍රශ්නය. අධිකරණයේ ඇති තීන්දු සම්බන්ධයෙන්... ක්‍රියා කළ යුතු අන්දමයි.
මේ තත්වය යටතේ දුමින්ද සිල්වා සමාජ ගත කළේ නීති විරෝධීව හෙයින් ඔහුට එරෙහි තීන්දුව තවමත් වලංගු වේ. වැදගත් එය මිස, නීතිඥ සංගමය ප්‍රශ්න කිරීම නොවේ.
නීති සමාගම් තිබුණට වැඩක් නෑ. අපිට ගැලපෙන නීතියක් තවම හදාගන්න බැරිවුණා. තවම 1800 ගණන් වල සුද්දා හදපු ඒවා තමයි අනුගමනය කරන්නේ.
ජනාධිපති සමාව දීමේ වරප්‍රසාදය ව්‍යවස්ථාවෙන් ඉවත්කළ යුතුයි. එහෙමත් නැත්නම් මිනීමරුවන්ට සමාව දීමේ බලය ඉවත්කළ යුතුයි. එහෙමත් බැරි නම් අඩුම තරමේ සමාව දෙන්න හේතු පාර්ලිමේන්තුවට දැන්විය යුතු යැයි වහන්තියක් එකතු කළ යුතුයි. දැන් තියෙන තත්වය යටතේ ජනාධිපති පදවියට හොරෙක්, මිනීමරුවෙක් හෝ මිනීමරුවෙකුගේ යාලුවෙක් පත් වුණොත් මේ වරප්‍රසාදය අනුව රටට අබ සරණයි...