(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

පොදුජන පෙරමුණ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා  ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අය වෙත නොතිසි ද නිකුත් කෙරිණි.