(නිමල කොඩිතුවක්කු)
රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේනම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.
ත්‍රී රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ගැටලුවක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිලිවල අද සිට ආරම්භ කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරලිය ගහ මන්දිරයේ විස්කි සමග බුරියානි දැන් නැත
මේ නූගත් මෝඩයා රටේ නීතිය ගැන දන්නවාද? බස් රථ රියදුරුගේ ක්‍රියාවන් සඳහා හිමිකරු වගකිව යුතුය.
ගරු ටිරාන් අලස් මැතිතුමනි. පොලිස්පතිතුමනි. මෙය ඉතාමත් හොඳ තීරනයක්. කිසිඳු හේතුවකටවත් මෙම තීරණය වෙනස් කරන්න එපා.බස්කාරයෝ හිතන්නේ පාර එයාලගේ කියලා. දවසකට අහිංසක මිනිස්සු කීයක් නම් මැරෙනවද මේ කාලකන්නි නිසා. කරුනාකර මෙය තවත් නගර හා මාර්ගවලට එකතු කරන්න. පොලිසියට හා රජයට හොඳ ආදායම් මාර්ගයක්.
පොදුවේ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කරන සියලුම වර්ගයේ වාහනවලින් දඩමුදල් අයකර ගැනීම කොළඹ ප්‍රෙද්ශයට පමණක් සීමා නොකොට මුළු ලංකාව පුරාවටම ක්‍රියාත්මක කරනවා නම් තමයි හොඳ. ඒ තරමට ලංකාවේ රිය පදවන්නන්ගේ විනය පිරිහිලා.
ගැමුණුට ඕනෑ විදිහට කරගෙන යන්න දෙන්න. නීතියක් ඕනෑ නෑ රටකට...
සාමාන්‍ය නීතියක් ක්‍රියාත්මක කරනවාට අදාල පිරිසක් විරුද්ධ වෙනවා නම් මේ රට හැදෙන්නේ කොහොමද, කවදා ද?
දැන් මෙයා කියන විදියටද මාර්ග නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ...? ලංකාවේ අසික්කිතම ධාවන තියෙන්නේ බස්වල. ඒවාට අමුතුවෙන් නීති නැහැ. රටේ තියෙන නීතියට බස් ධාවන කරන්න ඕනෑ. මේ cctv වැඩේ හොඳයි. මුලු රටටම ක්‍රියාත්මක කරන්න...
වැරැදි කරන්නේ නැත්නම් බය වෙන්නේ මොකටද?
අනිවර්යයෙන්ම CCTV කැමරා වලින් වැරදි හදුනාගත්තොත් දඩ ගහන්නම ඔනෙ. මෙ බස්කරයො වංගු ගන්නෙම වැරදි පැත්තෙන්. පාරෙ හරියට යන මිනිහ ගැන, කුඩා වාහන ගැන කිසිම තැකිමක් නැහැ. වෙනත් රටවල මෙහෙම නැහැ.
මංතීරුව බස් වලට පමණයි. හිස්ව තිබෙන විට වෙන වාහන වලට යා හැක. එහෙමයි ගොයියෝ මංතීරු නීතිය ක්‍රීයාත්මක වෙන්නේ.