IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ ජාතික රෝහලට හෙද හිඟයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ ජාතික රෝහලේ හෙදියන් 370 දෙනකු මේ වන විට රටහැර දමා ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය. 

ඉදිරි වසර තුළදී තවත් 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් රට හැර දමා යාමට ඉඩ ඇති බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

මේ වන විට හෙද කාර්ය මණ්ඩලය සියයට 12 කින් පමණ අඩු වී ඇති බවත් මේ වන විට ජාතික රෝහලේ සේවය කරන්නේ 2400 ක හෙද කාර්ය මණ්ඩලයක් බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

මේ වන විට ජාතික රෝහලේ හෙද හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් විවිධ ඒකක අසීරුතාවයට පත් වී ඇති බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

දැඩි සත්කාර ඒකකය තුළ එක් ඇඳකට එක් හෙද නිලධාරිනියක් සිටිය යුතු බව සාමාන්‍ය නිර්ණායකය වුවත් මේ වනවිට ඇඳවල් දෙකකට එක් හෙද නිලධාරිනියක් සිටින තත්ත්වයකට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය පත්වෙමින් යන බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.උපස්ථායක තනතුරේ පුරප්පාඩු පසුගිය වසර කිහිපය තුළ පුරවා නොතිබීම හේතුවෙන් ජාතික රෝහලේ අසීරුතා තවත් උග්‍ර වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසුවේය.

සෞඛ්‍ය කාර්ය සහායක තනතුර දරන්නන් තමාගේ සාමාන්‍ය රාජකාරී පවා පැහැර හරින තත්ත්වය තුළ තත්ත්වය තවත් බරපතල වී ඇතැයි එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

 

 



අදහස් (1)

කොළඹ ජාතික රෝහලට හෙද හිඟයක්

MW punsara Dilini Tuesday, 01 October 2024 06:07 PM

වෙකංසි තියනවද ඔය හෙස්පිටල් එකේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site