
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ චැතැම් වීදියේ හෝටලයක හත්වන මහලේ සිදු වූ ගින්නකින් දෙස් විදෙස් සංචාරකයන් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මහල් 10කින් සමන්විත එම හෝටලයේ හත්වන මහලේ එම ගින්නෙ හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ සහ ගිලන් රථ 12ක් එම ස්ථානයට යවා ඇති අතර ගිනි නිවන හමුදාවේ 41 දෙනකු ගින්න නිවීමට යොදවා ඇතැයි ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd