
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම පිළිපැනීමත් සමග මැදිරි කිහිපයක් ගැලවී ගොස් ඇති බවත් මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇති බවත් එම නිලධාරියා කීය.
මේ හේතුවෙන් අද දින රාත්‍රී 08.35 අලුත්ගම හා 09.35 අලුත්ගම බලා ධාවනය වන දුම්රිය දෙකම අවලංගු කළ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd