(සුජිත් හේවාජුලිගේ )
ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට එකවරම කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඒ දුම්රියේ පැමිණි මගීහු මහත්සේ කලබලයට පත්වූහ.
තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් ගත් මෙම දුම්රිය පසුව නවත්වා නැවතත් පසුපසට ගෙන නියමිත මාර්ගයේ ධාවනය කරවනු දැකගත හැකිවිය.
දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානය දක්වාම පසුපසට ගමන් කරවා නැවත ඉදිරියට ධාවනය කිරීමට එහි රියදුරා මෙසේ කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය පාලන මැදිරියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය
තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.
එය පාලන මැදිරිය දැනුවත්ව සිදුවූවක් බවද ඔහු සඳහන් කළේය. මේ සිද්ධිය හේතුවෙන් දුම්රිය මද වේලාවක් ප්‍රමාදවූ බව මගීහු පිරිසක් අප සමග පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ආ දුම්රියට පාර වැරදිලා
ලුම්බිණි Thursday, 27 July 2023 01:22 PM
අදයි දැනගත්තේ ඩ්‍රයිවර්ට පුළුවන් කියල කෝච්චි හරවල ධාවනය කරන්න පුළුවන් කියල.
ravin Thursday, 27 July 2023 01:44 PM
දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න .තාර පාරේ නොවෙයි දුම්රිය දුවන්නේ ඕන විදියට හරවන්න ,තමුන්ගේ වැරැද්ද පිළිගන්න .සිග්නල් වල සිදුවූ දෝෂයක් නිසා මාර්ග වෙනස්වීම සිදුවිය හැකිදෙයක් ,වැරදිනම් නිවැරදි කරන්න
sam Thursday, 27 July 2023 03:26 PM
//දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.// මේවා කියවනකොට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැහැ
WCA Thursday, 27 July 2023 05:05 PM
මෙන්න ලෝක වාර්තාවක් "මුන්ට බොරුවක්වත් කියාගන්න තේරෙන්නේ නෑ ඒ වගේම මීඩියා එකේ බුරුවටත් ඩ්‍රයිවර් එහෙම කරන්නේ කොහොමද කියල අහන්න මොලයක් තිබිලත් නෑ "
Perera Friday, 28 July 2023 08:19 AM
නිලධාරියා කියලා තියෙන්නේ තනිකරම මුසාවක් .දුම්රිය එන්ජිමේ සුක්කානමක් නැහැ ,රියදුරුට වෙනත් දුම්රිය මාර්ගයකට දුම්රිය හරවා ධාවනය කරන්න