(සුජිත් හේවාජුලිගේ )
ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට එකවරම කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඒ දුම්රියේ පැමිණි මගීහු මහත්සේ කලබලයට පත්වූහ.
තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් ගත් මෙම දුම්රිය පසුව නවත්වා නැවතත් පසුපසට ගෙන නියමිත මාර්ගයේ ධාවනය කරවනු දැකගත හැකිවිය.
දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානය දක්වාම පසුපසට ගමන් කරවා නැවත ඉදිරියට ධාවනය කිරීමට එහි රියදුරා මෙසේ කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය පාලන මැදිරියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය
තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.
එය පාලන මැදිරිය දැනුවත්ව සිදුවූවක් බවද ඔහු සඳහන් කළේය. මේ සිද්ධිය හේතුවෙන් දුම්රිය මද වේලාවක් ප්‍රමාදවූ බව මගීහු පිරිසක් අප සමග පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදයි දැනගත්තේ ඩ්‍රයිවර්ට පුළුවන් කියල කෝච්චි හරවල ධාවනය කරන්න පුළුවන් කියල.
දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න .තාර පාරේ නොවෙයි දුම්රිය දුවන්නේ ඕන විදියට හරවන්න ,තමුන්ගේ වැරැද්ද පිළිගන්න .සිග්නල් වල සිදුවූ දෝෂයක් නිසා මාර්ග වෙනස්වීම සිදුවිය හැකිදෙයක් ,වැරදිනම් නිවැරදි කරන්න
//දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.// මේවා කියවනකොට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැහැ
මෙන්න ලෝක වාර්තාවක් "මුන්ට බොරුවක්වත් කියාගන්න තේරෙන්නේ නෑ ඒ වගේම මීඩියා එකේ බුරුවටත් ඩ්‍රයිවර් එහෙම කරන්නේ කොහොමද කියල අහන්න මොලයක් තිබිලත් නෑ "
නිලධාරියා කියලා තියෙන්නේ තනිකරම මුසාවක් .දුම්රිය එන්ජිමේ සුක්කානමක් නැහැ ,රියදුරුට වෙනත් දුම්රිය මාර්ගයකට දුම්රිය හරවා ධාවනය කරන්න