(තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ)
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 
ඉහළින් ලැබුණු නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා නෙවිල් සිල්වා මහතාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මීට සතියකට පමණ පෙර හෙරෙයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මරා දමන ලෙස උසස් පොලිස් නිලධාරියකු උපදෙස් දුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා සටහන් දමා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම නියෝගය ක්‍රියාත්මක නොකළ නිසා ඔහු ස්ථාන මාරු කරන බවට උසස් පොලිස් නිලධාරියකු තර්ජනය කළ බව ද කියැවේ.
ඔහුගේ ස්ථාන මාරු නියෝගයේ සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන බවයි. එහෙත් නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට පත් කර තිබේ.
මෙම ස්ථාන මාරුවට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කිරීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ස්ථාන මාරුව ලබා දී ඇත්තේ සේවා අවශ්‍යතාවක් මත බවයි. සැකකරුවකු ඝාතනය කිරීමට උපදෙස්දීමක් ගැන මෙතෙක් වාර්තා වී නැති බව ද ඒ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා ඇත්තද? නෙවිල් සිල්වා මහත්තයා අළුගෝසු තනතුරට පත්කලාද? ඒ බව ඒ මහතා දන්නේ නැතුව ඇති. ඊයේ නේද පරවුර්තියක් තිබුනේ පොලිස් නිලදාරීන් නිත්‍යානුකුලව හා අවංකව වැඩ කලයුතුය කියලා. තව කසිප්පු ගැන කතා වකුත් තිබුනා වගේ මතකයි. සිල්වා මහත්තයා හෙට ගෙදර ගියත් තම හිතට එකඟව අවංකව වැඩ කලොත් තම දුදරුවන්ට හොඳ අනාගතයක් තියෙයි. නෙවිල් මහත්තයා , කරුණාකර නීති විරෝධී විධාන නිකුත්කළ නිලධාරියාගේ නම පොලිස් කොමිසමට දන්වන්න.
ඩයස්පෝරාවේ සල්ලිවලට කඩේ ගිහින් රණ විරුවෝ පවා දුන්න ගේබ්‍රියල් කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක්
මතක තියාගන්න පොලිසිය තියෙන්නේ ජනාධිපති යටතේ, එතකොට මාරු වීමට බලපෑම සම්බන්ධයෙන් එජාප ආණ්ඩුව නිදහස්
ගිහාන් හරි
නෙවිල් සිල්වා මහතා තම සහෝදර නිලධාරීන් සමග එක්ව සුහදශීලී ආකාරයෙන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන මහත්මයෙකි. එම නිසා ඔහුට රාජකාරී වශයෙන් උසස් වීම් ද ලබා නොදුන්නේය. මහජනතාවට වෙස් මුහුණු දමාගෙන සිටින දේශපාලකයින් මොන කොමිසම තිබුනත් තම අවශ්‍යතාව සපුරා ගනී
නෙවිල් සිල්වා මහතාට සුබ පැතුම්. පොලිසියේ ස.පො.අ. ලෙස ආරම්ඹ කල මෝඩ රාලලා හිතේ තියාගෙන ඉන්නේ උන් කියන හැම නීති විරෝධී දේම පොඩි එකා කලයුතු බවයි. කෝ පරීක්ෂක සංගමය මෙයට විරෝධය පාන්න බයද? නඩු දමන්න. තොරතුරු පොත බේරගන්න.